"ටේටේ"😊ජිමින් කිව්වෙ ටේගෙ අත අල්ලන් වේගෙන් හොලවන ගමන් .
"අ..අනී, ට්..ටේ එ..එක ට්..ටේ එ..එක්.යි"
ටේ ආයිත් ක්ණ්ණාඩිය අතින් හද හද හොරැහින් වගේ ජන්ග්කුක් ජිමින් දිහා බල බල උත්තර දුන්නා.
"ආ ටේ.."කියාගෙන ඒ වෙලාවෙ බාත්රූම් එකෙන් එළියට ආවෙ හොබී.
ඒත් එක්කම කොරිඩෝවෙන් අමුතු කලබල සද්දෙට හොබී , ජිමින් , ජන්කුක් , ටේ හතර දෙනාත් එක්කම දොරෙන් එලියට එබුනා.
එයාලා දැක්කෙ කොරිඩෝවෙ දෙපැත්තෙම තවත් කාමරවල දොරවල් ඇරගෙන එයාලා වගේම එලියට හොම්බ දාන ළමයි.ඒත් එක්කම නම්ජුන් වගේම තවත් සීනියර්ස්ලා ටිකක් කඩි කුල්ලප්පුව හැදිලා වගේ කොරිඩෝව දිගේ පැනගෙන එක පැත්තකට දුවන් ගියේ ළමයි අතර කසුකුසුව වැඩිකරලා.
"මෙහෙම බලන් ඉදලා හරි යන්නෙ නෑ"
කියපු හොබී ගාල කඩාගෙන දුවන සීනියර්ස්ලා මැද්දට අත දාලා පිටිපස්සෙන්ම ගිය එක්කෙනෙක්ව එයාලාගෙ පැත්තට ඇදලා ගත්තා."ආයිශ්..මොන මෝඩයද මේ මාව අල්... ආ හොබී"
ඇදිලා ආපු පලල් උරහිස් තියෙන සීනියර් බැනුම නවත්තන ගමන් ඇහුවා.
"ජින් හ්‍යුන් මොකෝ කේස් එක.ඇයි මේ දුවන්නෙ.ගින්නක්ද"
"එක විදිහක ගිනිගෙඩියක් තමා හොබා.ආයිත් අරූ වැඩට බැහැලා වගේ.පෝස්ටර්ස් ගහලා ගිහින් වෙනදා වගේ.මාත් තාම දැක්කෙ නෑ.අළුත් ළමයි දකින්න කලින් අයින් කරන්න වෙනවා.ආයිශ්.. මට ඕකාව පේ..න්න බෑ..Bh..."
ජින් හ්‍යුන් මාගල දිගෑරියා වගේ කියෝගෙන කියෝගෙන කියෝගෙන ගියා.ඒත් එක්කම එළියෙන් ආපු සද්ද බද්ද ටිකක් වැඩි වුනා.
"හපොයි මට පේන්නෙ මේ කතා කරන ටිකට නම්ජුනා පෝස්ටරෙයි කණුවයි දෙකම ගලවලා අරන්ද කොහෙද"
කියපු ජින් ආයිත් කඩි කුල්ලප්පු මෝඩ් ඔන් කරලා ඇක්සලේටරේ තදටම පාගලා හැටට හැටේ යන්න ගියා.ඒ කියන පරක්කුවට හොබීත් හුලං අස්පයා වගේ ජින් පිටිපස්සෙන්ම ඇදිලා ගියා.
"ඒ යමු අපිත්"
ජිමින් ළඟම හිටපු ජන්ග්කුක්ගෙ ශර්ට් අතෙන් ඇදගෙන දුවන්න පටන් ගත්තෙ අනිත් ළමයිනුත් ඒ පැත්තටම දුවන්න පටන් අරන් තිබුණ නිසා.අපායට ගියත් එකට යන්න එපැයි.
ඒ අල්ලපනල්ලෙ බෝතල් අඩි කණ්ණාඩි දෙකට යටින් ඇස් ලොකු කරන් බලන් හිටපු ටේගෙ වැලමිටට තමන්ගෙ වැලමිට පටල ගන්න ජන්කුක්ට පුළුවන් වුනා.ඉතින් ජිමින් පිටිපස්සෙ ජන්කුක් ,එයා පිටිපස්සෙන් ටේ විදිහට තුන් දෙනාම මා දැලේ පැටලුණු මාළු වගේ එකම පැත්තට ඇදිලා ගියා.
හොස්ටල් එක ඉස්සරහා කණුවක් වටේට ළමයි වටවෙලා හිටියෙ තේ බීලා ඉවර උනාම කෝප්පෙට ආපු කූඹි සෙටාර් එක වගේ.එයාලා එතනට යනවත් එක්කම නම්ජුන් ඒ ගහලා තිබුන කොලේ ඉරලා ගත්තා.
"ආශ්..මේ බීඑච්.."
කොලේ අතේම ගුලි කරගත්ත නම්ජුන් එතනින් යන අතරෙ අනික් සීනියර්ස්ලා ඇඹල සෙට් එකව එතනින් එලවන්න ගත්තා.ළමයි ටික විසිරිලා යද්දී වීමින්කුක් ත්‍රිබල දැක්කෙ පෝස්ටර් එකට අමතරව ඒ කණුවෙ ගහලා තිබ්බ තවත් දෙයක්.
"මොකක්ද මේ ??"
"BH"
"ඒ මොකක්ද?"
"මොකක්ද නෙවේ,මොකෙක්ද කියලා අහන්න"
🌸To be continued ~
________________________________________
Hi🧈
@Natsuki_kurana🌸