"බුදාම්මෝ.........බේරගන්ඩෝ...........................ව්"
මැරෙන්න වැටිලා හිටපු මෑන් හූවකුත් තියන් කෙලින් වෙලා ලතෝනි තියන්න ගත්තෙ සොම්බ් ෆිල්ම් එකක් බලපු පොඩි එකක් වගේ.
"ඒ ඊළඟ දවසෙ උබලා යට ඇදුම්වලින් සෙල්ලන් කරද්දි අනේ මතක ඇතුව හෝදපු එකක් ගනිල්ලා බන්.හපෝ මගේ මේස් කකුල දාහෙන් සම්පතක් ඕක එක්ක තිබ්බාම.මේ.."
කියලා සපත්තුව ගලෝලා විසි කරලා මේස් එක දික් කරද්දි ඒ මේස් සුගන්ධය විදීන්න අවස්ථාව ලැබුණෙ ජිමින්ට.වාසනාවකට අපු ඔක්කාරෙ යන්තමට ගිලගෙන නවත්ත ගන්න ජිමින්ට පුළුවන් වුනා.
"ඒ ඔය දෙන්නා අළුතෙන් නේ.."
"ආ..ඔව්.මං ජිමින් පාර්ක් ජිමින්.මේ ජන්කුක් .සන්බේ..?"
"මං ඇවිල්ලා කොල්ලො ඔයාගෙ හෝප්.ඔයාලට අවුරුද්දක් වැඩිමල්.ඒ උනාට ඔය සන්බෙ කෑලි ඕනා නෑ ඈ..හෝප් කියාන්කො"
එයා කිව්වෙ හිනා කටක් පුරවගෙන.
"හෝප්?,ඒ කිව්වෙ මේ.."
"හෝප් තමා බන්.I'm your hope,You are my hope,I'm J hope.ඔච්චරටම අමාරු නම් හොබී කියන්නකො"
හොබී කිව්වෙ හිනා වෙවී ඇහැකුත් ගහන ගමන්.
"හොබී හ්යුන් මේ රූම් එකේද?"
ජන්කුක් ට්රැවලින් බෑග් එක පෙන්නලා ඇහුවෙ කලින් නම්ජුන් කියපු එක මතක් වෙලා.
"ආ.,මේක මගෙ යාලුවාගෙ.ඌ මට වැඩේ පංගරාත්තු කරලා මාරු වුනානෙ.තව ටිකකින් එයි ඒකා.ඒ මං මූණ හෝදන් එන්නම් ඒ.අර කලිසමේ සුවද තාම්ත් දැනී දැනී දැනෙනවා බං"
කියපු හොබී දඩ බඩ ගාලා කාමරේ කෙලවර වොශ් රූම් එකට දිව්වා.
"ඒ මොන අසාධාරණ වැඩක්ද ඒ.එහෙමත් වැඩකාරයො කරනවද මිනිස්සුන්ව.මට අහු උනොත් මං මේන්න මෙහෙම අල්ලලා ර්ර්ර්ර්.. දෙකට නවලා පොඩි කරලා විසික් කරලා දානවා."
ජිමින් ජන්කුක්ගෙ ඇදේ තිබ්බ කොට්ටයක් අරන් ගුලි කරලා ගුලි කරලා වටයක් කැරකිලා වැඩ දාලා එහා ඇදට උඩින් ගිහින් වැටෙන්න විසි කලා.ඒත් ඒ කැරකැවුණු වේගෙ ජිමින්ටම දරා ගන්න බැරුව යද්දි ජිමින් තද කරලා ඇස් දෙක පියා ගත්තෙ බිම පොළව නමස්කාර කරන්න වෙන බව දැනිලා.