"ජ-ජන්කුකී..ය-යමුද"
ටේ ඉස්සරහා පේළියේ ඉදන් අහිංසකව හිනාවෙලා අහද්දි ගොබ්බ හිනාවක් දාපු ජන්කුක් ඒ පැත්තට ඇදිලා ගියා.
සාමාන්ය ස්කෝල දවසක් ඔන්න ඔහොම ගෙවිලා යන්න ගියා.
********
"ටේ හ්යුන් ඔයා කොහෙ හරි යන්නද"හවස බාත් රූම් එකේ ඉදලා එළියට ආපු ජන්කුක් දැක්කෙ බෑග් එකත් කරට දාන් එළියට යන්න කැශුවල් ඇදන් ඉන්න ටේව.
"ඔ..ඔව් ම..මං මේ එළියට-පු..පුස්තකාලෙට යනවා.. ජ..ජන්කුකී.."
එකපාර ජන්කුක්ව දැකලා බයවෙලා වගේ ටේ උත්තර දුන්නා.ඒත් එක්කම ජන්කුක්ගෙ පැඟිරි මොළේට උඩින් බල්බ් එක"පත්තු උනා".
"හරි ටේහ්යුන් විනාඩියක් දෙන්න.මාත් එන්නම්."
ජන්කුක් දඩබඩ ගාලා තුවාය විසි කරලා කලිසමකට බැස්සා. අතට අහුඋන ශර්ට් එකක් අරන් ඒක නාහෙට අල්ලලා ඒකත් ඔළුවෙන් බස්සගෙන බෑග් එක කරේ එල්ල ගෙන ටේ දිහාට හැරුණා.
"හරි යන්.ටේ අපි කොහේ-"
ටේ👆
"😳"
ටේගෙ මූණ දැක්කම ජන්කුක් කියන්න ආපු එකත් ගිලුණා.ටේ "ටේශොක්" වෙලා!කණ්ණාඩිවලට යටින් ඇස් පොල් ගෙඩි සයිස් කරන් කට බාගෙට ඇරන්. ටේගෙ තිබ්බෙ සම්පූර්ණ ගෝල්ඩ්ෆිශ් ලුක් එකක්.
ජන්කුක්ට තාම ප්රොසෙස් නෑ ඇයි මේ හොදට හිටපු ටේ මෙහෙම කියලා.වටපිටාවෙවත් හදිසි වෙනස්කමක් තියෙනවද කියලා හිතපු ජන්කුක් ඔළුවත් හතරවටේ කරකවලා බැලුවා.ම්හු.
ඔන්න ඒ ක්ශනිකෙන් ජන්කුක්ට වෙන්න පුළුවන් දෙයක් ගැන කල්පනාවට ආවා.ඒක ආව ගමන් ටේහ්යුන්ට මූණ හරවන් හිටපු ජන්කුක් අදාල තැන අල්ලන් සින් ගාලා අනික් පැත්ත හැරුණා.හෙමීට අත අයින් කරපු ජන්කුක් බැලුවෙ ශිප් එක දාලාද කියලා.