"අපි වෙන දවසක යමු ජන්කුකී..යැය් යැය් ජන්කුකී.."
සුගා ඒක ටේහ්යුන් කියපු විදිහටම කිව්වෙ ඩෝම් එකෙන් එළියට ඇවිත් පාරෙ පේමන්ට් දිගේ යන ගමන්.සුගාගෙ මුණෙ තිබ්බෙ කුප්ප හිනාවක්.
"හ්යූ....න්"
"නෑ..නෑ..හ්යුන් නෙවේ.අර අරයා.ජන්කුකී ජන්කුකී"
සුගා ආයිත් කිව්වෙ ටේහ්යුන්ගෙ කෙදිරිල්ල තඹ සතේකට මායිම් නොකර.ඒ ගමන බුම්මගත්ත ටේහ්යුන් දිග අඩි තිය තිය වේගෙන් යන්න පටන් ගත්තා.
"ඒයි ඒයි ටේ..පොඩ්ඩක් ඉන්නවා.තාම කළුවර වැටිලත් නෑ..."
සුගා ටේහ්යුන්ගෙ පස්සෙන් දුවන්න ගත්තා.
*******
"ජන්කුක්කා....හම්මේ.."
කාමරේට ආපු ජිමින් බෑග් එක මේසෙට අතෑරලා තලපතා වගේ ඇදට වැටුණා.
"කොහොමද ඩාන්ස් ප්රැක්ටිස්?"
ටේහ්යුන් සුගා එක්ක ගිය මෙව්වා එකට මූණ නාළු කරන් ඉදපු ජන්කුක් ඇහුවෙ ඇහුවත් නැතත් ඕක ජිමින් කොනක ඉදන් කැඩුණු රේඩියෝව වගේ කියවන්න පටන් ගන්නවා කියලා දන්න නිසා.
"අපොයි..පණ ගොයින් ටු ද ලන්ඩන් බං.හොබී හ්යුන්..අම්මෝ මෑන්ස්..."
"ඩාන්සින් කින්ග් නේ.මටත් ඇහුණා කනින් කොනින්"
"මොන කින්ග්ද යකෝ.රජවාසලේ වධකයා!!ඩාන්සින් ටීම් ලීඩර් තමා.එහෙමයි කියලා ඔහොම!අනෙ අම්මෝ කෑවයින් කෑවෙ නෑ ඔහොම කට්ටක්"
"ඒ..මොකෝ උනේ?"
ජන්කුක් ඇහුවා විතරයි ජිමින් දඩං ගාලා ඇදේ කෙලින් උනා.
"උනේ කියන්නෙ,ඔන්න මං ගියා.ගියා කිව්වට හොබී හ්යුන්මනෙ ඩාන්සින් රූම් එක පෙන්නුවෙත්.පස්සෙ චේන්ජ් කරන් එහෙම ප්රැක්ටිස් පටන් ගත්තා.ඒ පටන් ගත්තා ගත්තාමයි බං.....හ්යුන්ගෙ අර හැම තිස්සෙම තියන හිනාව කොහෙද ගියා.පණ යනකන් නැටුවා..නැටුවා..නැටුවා...හම්මෙය්යෝ..............."
ජිමින් ආයිමත් කෙහෙල් කද වගේ ඇදට කඩාගෙන වැටුනා.
ඒක අහන් හිටපු ජන්කුක්ගෙ මූණෙ පුංචි හිනාවක් ඇදුනා.මේසෙන් නැගිට්ට ජන්කුක් නැගිටලා ජිමින් ගාවට ගියා.