"ඒයි ඔහොම ඉන්නවා!"
එකේක සිහිවල ඉදන් කෑම බෙද බෙද හිටපු ජන්කුක්, ජිමින්,ටේ ඔළු හැරෙව්වෙ ඒ ගමන මොන මරාලයක්ද බලන්න.
එතන හිටියෙ කලින් දවසෙ BHගෙ පෝස්ටර්ස් ගලවන්න ගාල කඩාගෙන දුවද්දි හොබී හ්යුන් නතර කර ගත්ත සීනියර් - ජින්.
නිකන්ම නෙවෙයි ලස්සන මල් කැටයම් දාපු හැන්දකුයි පොඩි පීරිසියකුයි අතේ තියාගෙන.එයාගෙ පිගානට කෑම එක බෙදන්න නොදී නතර කරපු ජින් අර කැටයම් හැන්දෙන් සුප් ටිකක් අරන් පීරිසියට දාලා පුෆ් පුෆ් ගාලා පිබලා හරිම දර්ශනීය විදිහට සුරුස් ගාලා ඇදලා දැම්මා.
ඒක දිහා හොල්මන් වෙලා බලන් හිටපු පොඩි ඩබලට කෙල නොගිලුනාමත් නෙවෙයි.ඒ ගිලපු කෙල දෙපිටින් ගියේ ඊළඟට වුන දේත් එක්ක.
"මොනවද මේ ආ!! අර බඩ තඩියාව අද නම් තියන්නෙ නෑ.මං ඔය මනුස්සයාට කොච්චරවත් කියනවා මේකට සෝයා සෝස් ටිකක් වැඩිපුර දාන්න කියලා කුණුකන් නොකර. කොහෙද.. මේකාට මං අද...😠"
"ජින්,ජින්,හ්යුන් ඔහොම ඉන්න පොඩ්ඩක්,අහන්නකො,කෝ ඉන්නවකො"
ඒ ජින්ගෙ ගෝරනාඩුව අස්සෙ මතුවුණු,යුතුකම තම ප්රථම රාජකාරිය කර ගත් ඩෝම් හෙඩ් නම්ජුන්.කොල්ලා දත කාගෙන වැලි කාගෙන ජින්ව කන්ට්රෝල් කරන්න දගලනවා.
"ඔය බනින්නෙ කුස්සියෙ උයන මනුස්සයාට.ඒ අහිංසකයාගෙ පණ කෙන්ද තාම ඉතිරි වෙලා තියෙන්නෙ නම්ජුනා නිසා.නැත්තන් මෙලහකට ජින් ඒ මනුස්සයාගෙ බෙල්ල ගලෝලා අරන් ඒකෙන් සෝස් හදලා."
කලබලේ අස්සෙ ජිමින්,ජන්කුක් අතරට පැනගත්ත හොබී උද්යෝගී විස්තර විචාරෙක යෙදෙනවා.
"මොනවා අහන්නද නම්ජුනා,දැන් කියන්න යන්නෙ අදට විතරක් මෙහෙම කමු.හෙට අනිවා ඔයාම ගිහින් හරියට කෑම හදනවද කියලා බලනවා කියලානෙ.දවසක්ද දෙකක්ද. ආපු දවසෙ ඉදන්ම කියන එකනෙ.කට විතරයි,වැඩ නෑනෙ.අර බ්ලැක් හන්ටර්ට කොන්ද තියෙනවා තමුසෙට වඩා.මට හැමදාම ඔයාගෙ එකම තැටිය අහලා එපා වෙලයි තියෙන්නෙ ජුන්."