"ඒ මොකක්ද? බී..එච්..??"ජන්කුක් ඇහුවෙ දොඩං ගහ ළඟ කණුවෙ සුදු තීන්තෙන් ඇදලා තියෙන සලකුණ දිහා බලාගෙන.පරණ කණුවෙ තීන්තවත් වේලිලා නැතුව තිබුණ සලකුණ ඇදලා වැඩි වෙලාවක් නැති බව තේරුම් ගන්න අමාරු වුණේ නෑ.
"Big Hit ද දන්නෙ නෑ"
ජිමින් කිව්වෙ හෙන බැරෑරුම් මූණකුත් හදාගෙන.
"එ..ඒ මො..ක්..කක්ද?"
"දන්නෑ ටේටේ,මයි හිතේ ඒක අපේ ගෙවල් පැත්තෙ තිබ්බ ගරාවැටෙන බිල්ඩිමක තිබ්බ කම්පැණියක්ද කොහෙදො.හී😁"
"යා..ජිමිනි පාබෝ.ඔහෙලාගෙ ගෙවල් පැත්තෙ කම්පැණිවල නම් මොන එහෙකටද මේකෙ කණු ගානෙ ගහන්නෙ. මේ Bangtan High"
ඒ ජිමින් ටේහ්‍යුන්ට "ටේටේ" ගගා ඇගේ ඇලවි ඇලවී ඉන්න එක ගැන තමන්ටම හිතා ගන්න බැරි මෙව්වා එහෙකින් පෙලෙන ජන්කුක්.ඇයි වදේ සන්බේ කෙනෙක් නේද එයා.ටේටේලු!හහ්!මුං දෙන්නා බයින්ඩර්ද,සුපර්ග්ලූද!
"ඔයා හරියට ප්‍රශ්නෙ ඇහුවෙ නෑ.'මොකක්ද' නෙවෙයි 'මො කෙ ක් ද' "
"හොබී හ්‍යුන්?"
"BH,ඉස්කෝලයක්වත් කොහෙවත් යන පරණ කම්පැණියක්වත් නෙවේ.ඒ මනුස්සයෙක්,අඩුම ගානෙ අපි හිතන් ඉන්නෙ එහෙමයි."
"ඔයාට හිතෙන්නෙත් මට හිතෙන එකමද ජන්කුක් ?"
ජිමින් හෙමීට ජන්කුක්ගෙ කනට පාත් වෙන ගමන් ඇහුවට ටේහ්‍යුන්ගෙ කරට වැටිලා තිබ්බ ජිමින්ගෙ අත ගැන කල්පනා කරනවා ඇරෙන්න වෙන දෙයක් ඒ වෙලාවෙ ජන්කුක්ගෙ ඔළුවෙ වැඩ කලේ නෑ.සන්බේ කෙනෙක්ට ඔහොමත් සලකනවද.හහ්
"ඔයා කියන්නෙ ඒ Bang Hyunshik,අපේ වෝඩ්න් කියලාද"
ප්‍රශ්නෙ පිටින් දාලා තමන්ට ඔරෝ ඔරෝ ඉන්න ජන්කුක්ව අතෑරලා දාපු ජිමින් ඒ ගමන හොබීගෙ කනට පාත්වෙලා ඇහුවා.
"හහ්..හහ් හා........🤣🤣🤣මොනාද බං ඔය ඔළුවෙ තියෙන්නෙ.BH ආපු දවසට වැඩියෙන්ම මල පනින මනුස්සයාම BH කියලාද කියන්නෙ.BHයි වෝඩ්නුයි ඇවිල්ලා අහසයි පොළවයි , උතුරයි දකුණයි වගේ කෙලින්ම ප්‍රතිවිරුද්ධ කේස් දෙකක්.දෙන්නා නයාට අදුකොල වගේ.නැද්ද ටේ.🤣"
"ඇ..ත්.ත..😂"
ටේහ්‍යුනුත් ඔළුව උඩට පහලට වන වන හිනා වෙන්න ගත්තෙ ක්‍රේල් ක්‍රේල් නූඩ්ල්ස් වගේ කොණ්ඩෙ දෙපැත්තට පැද්දෙද්දි.ඒක දැක්ක ජන්කුක්ට මතක් උනේ දුම් දදා පිගානට බෙදලා තියෙන රාමෙන් එකක්!
"BH ක්..කිය්..ය..න්නෙ ක්..කෙ..ටි න්..නම..ක් B..black H..hun..ter"
"Black Hunter මේ පැත්තෙ විප්ලවකාරයෙක්.මෑන් හිටිගමන් පාත් වෙලා මෙහේ සමාජ අසාධාරණ කේස් ගැන පෝස්ටර් එකක් දෙකක් එල්ලලා යනවා.එයාගෙ මාක් එකත් එක්කම"
හොබී කණුවෙ සුදු පාට ලකුණ ඇස් දෙකෙන් පෙන්නන ගමන් කිව්වා.
"අද තිබ්බෙ මෙහේ හොස්ටල්වල පන්ති භේදය ගැන.දන්නැද්ද ධනපති - නිර්ධන අරවා මේවා.ආ..තාම තේරුමක් නෑනෙ.හෙට උදේ ඩයට් එකෙන්ම තේරෙයි."
ඇහැක් ගහපු හොබී ජන්කුක් ,ටේ,ජිමින් තුන්දෙනාව ඩෝම් එක දිහාට තල්ලු කරලා යන්න ගියේ විසිල් එකකුත් ගගහා.
"ර්..රෑ ක්..කෑමට ව්..වෙලා ත්..තියෙනවා. අ..අපි ය්..යන්ද ර්..රූම් එ..කට"
"හරේ...අන්තිමට එන එක්කෙනාට තමා අර ගඳ ගහන කලිසන් තියෙන ඇදේ ඉන්න වෙන්නෙ"
ජිමින් කිව්වෙ පණ කඩාගෙන දුවන්න පටන් ගන්න ගමන්.
"එව්වා කොහෙද"
ජන්කුක්ත් දුවන්න ලෑස්ති වුණාම දැක්කෙ තාමත් ඇස් ලොකු කරන් බලන් ඉන්න එයාගෙ රාමෙන් එක,න්.නෑ..නෑ, ඒ මොකක්ද ඒ හිතුණ කෙහෙල්මල!!මං කියන්නෙ ට්..ටේහ්‍යුන්!!
ජන්කුක් පැටලි පැටලි දුවන ටේවත් ඇදන් රූම් එකට දුවද්දී ජිමින් කොට කකුල්වලින් ගිහිනුත් ඉවරයි.
ඒත් කාමරේ අරිද්දි ටේකුක් ඩබල දැක්කෙ හතර ගාතෙ දාලා බිම බදාගෙන ඉන්න ජිමින් වගේම..........
"ස්..සන්බේ....."
🌸To be continued ~
_________________________________
Hi😊🤚
ජිමින්ගෙයි පොළවයි අතර ඒ අනෙන්‍යෝන්‍ය සබඳතාවය ගැන අදහස් පල කරනගෙන යන්ඩ
Natsuki_kurana🌸