🐰ජියොන්ලස්😶

539 119 37
                                    

"සුගා හ්‍යුන් කොහොමද එච්චර විස්තර දන්නෙ?"

"ඒවා තමුසෙට වැඩක් නෑනෙ.ගිහින් වැඩක් බලා ගන්නවා"

ජිමින්ට ඔරවපු සුගා යන්න ගියා.ගිහින් වාඩි උනේ  කෙලවරේම මේසෙක වාඩි වෙලා ඉන්න හොබී ගාවින්.හොබී උරහිසට උඩින් බුෆේ එක දිහා බැලුවා.

"මොකෝ බං ඒ පොඩි එකාට ඔච්චරම පුප්පන්නෙ.අර බලනෝ මූණත් රතු කරන් කෑම බෙදන හැටි.පව් ඕයි"

"දැන් හොබී බෝ මට කියන්නෙ මං අනිත් ඩෝර්ම් එක ගැන දන්න හැටි අගක ඉදන් ඔය "පොඩි එකාට" කියන්න කියලද?"

සුගා ඇහුවෙ හොබීගෙ ප්ලේට් එකේ කැරට් කෑලිවලට චොප්ස්ටික් එකෙන් අනින ගමන්.

"හරි බං.එහෙම නෙවෙයි.පොඩ්ඩක් සහයෝගෙන් ඉන්නවා රූම්මේට්ස්ලා උන එකේ.ටිකක් හොදින් හිටියා කියලා ඇගේ කෑලි ගැලවෙන්නෙ නෑනෙ.ඉන්න තරහකාරයො මදි වෙලාද"

"හ්ම්ම්"

සුගා කිව්වෙ එච්චරයි.

*******

"මෙතන හොදයි නේද ටේහ්-"

අළුත් ක්ලාස් රූම් එකේ ඉඩ තිබුණ තැනක් බලලා එයාටයි ටේටයි වාඩි වෙන්න හිතන් කතා කරපු ජන්කුක්ගෙ දර්ශන පථේට අහු උනේ ඊට ඉස්සරහින් දකුණට වෙන්න තිබ්බ තිබ්බ පෝලිමේ වාඩි උන ටේව.වාඩි උනා කිව්වට කලින්ම එතන වාඩි උන ජිමින් ටේව ළඟින් යද්දි ඇදලා ගන්න එක තමයි සිද්ධ උනේ.

"ජන්කූ....ක්  ඔයා ඔතනද....අනේ ටේ අපිටත් ජනේලයක් ගාව අල්ල ගන්න තිබ්බෙ"

ජිමින් පන්තියෙ මැද ඉදන් කෑගලා කතා කළේ ජනේලෙ ගාව මේසෙක වාඩි වෙලා ඉන්න ජන්කුක්ට.අත් දෙකත් හරහට බැදන් ඇහිබැම් දෙක යා කරන් ජන්කුක් ජිමින්ව සාක්ශියක් නැතිවෙන්න මරන්න පුළුවන් හොදම විදිහ කල්පනා කරනවා.'මරලා කුණු ලොරියට දානවද ,හන් ගඟට දානවද.එක්කො කෑම එකට වහ දා-'

"ඒයි!!අළුත් එකා"

කනට උඩින් ආපු සද්දෙත් එක්ක ජන්කුක් ඔරවගෙනම ඔළුව හැරෙව්වා.හප්පා!!ශර්ට් එකේ උඩ බට්න් දෙකම ඇරගත්ත ජිම් බෝයි කෙනෙක් දෙපැත්තෙ හෙංචයියො දෙන්නෙක් එක්ක ගේමට ඇවිත්.එනපොට නම් හොඳ නෑ ජන්කුකෝ..

Mine?Where stories live. Discover now