ටාං......... ටාං........... ටාං..........
ඒ පාන්දරම ඇහෙන ඩෝම් එකේ දොරවල්වල යකඩ තහඩුවලට වෝඩ්න් බැන්ග් පත සයිස් පොලු රාජයෙක් ඝට්ටනය කරගෙන යන රාජකීය අවස්ථාව .
"ටූනෙ මාරෙ එන්ට්රියාරෙ .... ටං ටං ටං ටටං ... ආ කැරකිලා - දෙකට නැවිලා- ඕ යේහ්.."
ඒ කන්කළු නාදෙත් එක්ක තනි ඇහැක් ඇරලා බලපු ටේගෙ දර්ශන පථේට අහුවුනේ පිජාමා එක පිටින්ම දඟර පණු ඩාන්ස් දාන ජිමින්.
"ඒයි තමුසෙට කිරිපණු ගායද"
ටේට අහන්න ඕනවෙලා තිබ්බ එක උඩ ඇදෙන් හොම්බ දැම්ම ජන්කුක් ඇහුවා.
"උදේට හොඳ එක්සර්සයිස් පාරක් දාලා ගැම්මෙන් ඉන්න ඕනා බ්රෝ.කෝ ඔහොම බෑ.නැගිටලා ඇවිත් පොඩ්ඩක් ගස්සලා පද්දලා ගන්න ඕනා"
පහල ඇදේ තනි ඇහැකින් ඇහැක් හැටියට මේ වෙන එව්වා බලන් හිටපු ටේව ජිමින් ටකස් ගාලා ඇදලා ගත්තෙ ජන්කුක්ගෙ කට බකස් ගාලා ඇරෙද්දි.
ටේගෙ ඉනෙන් අල්ල ගත්ත ජිමින් සිංදුවකුත් කියකියම කපල්ඩාන්ස් දාන්න ගද්දි බාගෙට ඇහැරන් බලන් ඉන්න තව කට්ටියගෙ ඇගවල්වලත් ෆිශ්ඩාන්ස් දාන්න ගත්තා.ඒකෙ ප්රතිඵල විදිහට ටේහ්යුන් අන්තිමට නතර වුනේ බාතෲම් එකේ.
"ඉක්මනට නාගෙන එනවා.උදේ පාන්දර මෙතන....කුටු කුටු කුටු..."
අන්තිමටම කුරු කුරු ගගා තමන්ටම මුමුණ මුමුණ ඇවිත් ආයිත් ඇඳට නැග ගත්ත සුගා ඔළුව ඉදන් රෙද්ද පෙරෝ ගත්තෙ ජිමින් ජන්ග්කුක් කටවල් ඇරන් බලාගෙන ඉද්දි.
ඒ මොක්කද යකූ ඒ උනේ...........
ටාං......... ටාං........... ටාං..........
ඊළඟ බෙල් එක වඳිද්දි ටේ,ජන්ග්කුක් ,ජිමින් තුන්දෙනාම හිටියෙ දිග හෝල් එකේ කෑම දාපු දිග... කෑම මේසවල වාඩි වෙලා.හතර දෙනා කාමරෙන් එළියට එනවත් එක්කම රැකගෙන හිටපු හොබී සුගාව කොහේද ඇදගෙන ගිහින් තිබුණා.
මේසවල ඉන්න අනිත් ළමයි වගේම මෙයාලාත් මේ බලන් ඉන්නෙ බුෆේ එක ඕපන් කරනකන්.ජිමින් පිගානටත් තට්ටුවක් දදා ෆුල් කික් එකේ ඉන්නවා.
කෑම මේසෙ ප්රධාන මාතෘකාව වෙලා තිබ්බෙ ඊයෙ බැලැක් හන්ටර්ගෙ වැඩේ ගැන.ජිමින්ට ඇහුණ විදිහට නම් එතන ගොඩක් අය බැලැක් හන්ටර්ට යටින් සප්.'හොරෙක්ව ඔහොම ඔළුවෙ තියා ගන්න ඕනද.හහ්'