"ඒයි ජන්කුක්.."
ජිමින් තුන්වෙනි පාරටත් උඩ ඇදට කකුලෙන් ඇන්නා.ජිමින් හිටියෙ පහල ඇදේ උඩුබැලිඅතට දිගා වෙලා.
"ජන්කුකෝ..."
උඩ ඇදේ කොමික් පොතක් බලන ගමන් හිටපු ජන්කුක් කම්මැලිකමේ බෙල්ල පාතට දැම්මා.
"මොකෝ..."
"කෝ බං..තාම නෑ.දහයත් පහුයි."
ජිමින් කෙස් අතරින් ඇගිලි යවන ගමන් කිව්වා.
"හ්ම්.."
ජන්කුක්ටත් ටේ සුගා ඩබල ගිය වෙලාවෙ ඉදන් එකේක ඒවා හිතුනා.~පුද්ගලික ගමනක් කිව්වා.බැරිවෙලාවත් ඩේට් එකක්ද!~
එහෙම හිතුණා විතරයි කුලප්පු වුණ ජන්කුක් දඩබඩ ගාලා නැගිටලා ඇදේ ඉද ගෙන අතේ නියපොතු සෙට් එකත් හප හප ලෝකෙ පෙරලගෙන කල්පනා කරන්න පටන් ගත්තා.
සුගා ටේ ඩේට් එකට ගිහින් පුස්තකාලෙ පොත් අස්සෙන් මුකුළු කරන හැටි,අත් අල්ලන් හිනාවෙවී පාරෙ අයිස් ක්රීම් කකා ඇවිදන් යන හැටි,සුගා ටේව පාළු පාරක තාප්පෙකට හේත්තු කරලා ටිකෙන් ටික ලං වෙන..
"ආ.......ශ්!!!!"
එයාගෙම කෙස්වලින් ඇද ගත්ත ජන්කුක් ආයිත් ඇදටම වැටිලා පෙරලිලා හිස් අවකාශෙට කකුල්වලින් ගහන්න ගත්තා.
"ඒයි මොකෝ මේ.."
ජන්කුක්ගෙ කෑ ගැහිල්ලට උඩ බාර් එකේ එල්ලිලා හොම්බ දැම්ම ජිමින් ඇහුවෙ සැකෙන්.කොල්ලාට හිතුනෙම ජන්කුක්ට රෑ වෙද්දි පිස්සු තද වෙනවද දන්නෙ නෑ කියලා.(ඕතර්ට වගේ🙂✌️.දන්නෝ දනිති)
ජන්කුක් ජිමින්ගෙ මූණ දිහා ටිකක් වෙලා බලන් ඉද්දි ජිමින් සේප් එකේ පහල ඇදටම ආයි ඇදුණෙ ජන්කුක්ගෙ බැල්ම ඇල්ලුවෙ නැති නිසා.ඒක තනිකර පිස්සන් කොටුවෙන් පැනලා ආපු එකෙක්ගෙ ලුක් එකක්.
ටික වෙලාවක් එහෙමම හිටපු ජන්කුක් ආයිත් උඩ ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි දගලන්න ගත්තා."ආ......යිශ්....."
දැන් ජිමින්ට එක දෙයක් සියට දාහක් ශුවර්.ජන්කුක්ට මොකාක්ම හරි මානසික ආබාධයක් තියෙනවා.සර්වාන්ගෙම ශීට් එක පොරවගත්ත ජිමින් වැඩි හොදට කොට්ටෙත් ඇග උඩින් තියාගෙන නිදා ගන්න ගත්තා.