chapter 16

1.2K 245 9
                                    


Sun hee දොරට ගගහ කොච්චර කෑ ගැහුවත් Tae දොර ඇරියෙ නෑ.

Tae... Please....Tae ..... එක පාරක් එක පාරක් මට කතා කරන්න දෙන්න........

ඔයා ඉන්නෙ හැම දෙයක්ම පටලවගෙන...... ඔයා හිතනව වගේ දෙයක් එතන උනේ නෑ Tae..... එක පාරක් එකම එක පාරක් මං කියන දේ අහන්න Tae....

කෙල්ල කොච්චර කතා කරන්න හැදුවත් Tae ගෙන්  ඒකට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒ නිසා sun hee අඩ අඩම එයාගෙ room එකට ගියා. ( Marry කරලා ආපු මුල් දවස්වල හිටිය room එක )

room එකට ගිහින් ඇදට පැනපු Sun hee කොට්ටෙත් බදාගෙන අඩන්න පටන් ගත්තා.

මං දන්නව tae.... මං....මං වැරදි..... ඔයාට ඊයෙ හැම දෙයක්ම කියන්නයි තිබ්බෙ.....ඔයා අහපු වෙලාවෙ කියන්නයි තිබ්බෙ....

කෙල්ල අඩ අඩම කියෝනව. කෙල්ල දන්නව වැරැද්ද එයාගෙ කියලා එයා ඊයෙම Tae ට ඇත්ත කිව්වනම් අද මේ වගේ වැරදි වැටහීමක් ඇති නොවෙන්න තිබ්බා. sun hee ඒ ගැන ගොඩක් පසුතැවුනා.

පණ වගේ ආදරේ කරපු කෙල්ල තමන්ව රැවැට්ටුවා කියල දැන ගත්තම Tae ට තරහ ගියා වගේම දුක හිතුනා. ඒ නිසා Tae ට sun hee එක්ක වචනයක්වත් කතා කරන්න හිතුනෙ නෑ. ඒ නිසයි sun hee කියන දේ අහන්නැතුවම කාමරේට ආවෙ. Sun hee ගැන තිබ්බ විශ්වාසෙ දැන් නැත්තටම නැතිවෙලා ඉවරයි.

Tae pov

වේ .... sun hee..... වේ ......ඔයා මට මෙහෙම කලේ......

Tae කාමරේ තිබ්බ බඩු එකින් එක පොලවෙ ගැහුවෙ එයාගෙ තරහ බඩු වලින් පිට කරන්න වගේ.

ඔයා මට ආදරේ නැත්තම් මොකටද මට ලං වුනේ........ වේ.... sun hee .....වේ...

මං ඔයාව මටත් වඩා විශ්වාස කලා ඒත් දැන් ඒ විශ්වාසෙ ඔයාම කඩලා දැම්මා...........

Tae කෑ ගගහ ඉද්දි එයාට call එකක් ආවා Tae ඉන්නෙ කතා කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි නිසා phone එක අරන් call එක cut කරලා තියන්න හදද්දී Tae දැක්කෙ wallpaper  එකේ තියෙන ඒ දෙන්නගෙ photo එක. ඒක දැක්කම තරහ තව වැඩි උන Tae කලේ phone එකත් පොලේ ගහපු එක.

මොකක්ද..... මොකක්ද...... මං කරපු වැරැද්ද ඔයා මට මෙහෙම කරන්න.....

කොල්ලට දුකයි තමන්ගෙ එකම ආදරේ වෙන කෙනෙක්ට ආදරේ කරනව , තමන්ව රැවැට්ටුවා කියලා දැන ගත්තම  මෙච්චර වෙලා තරහෙන් කෑ ගහපු Tae ඇද ලගින් වාඩිවෙලා අඩන්න පටන් ගත්තෙ පොඩි එකෙක් වගේ.

💕EVER LOVE💕 ( COMPLETED ) Where stories live. Discover now