⌛Chapter 01⌛

602 86 10
                                    

මගේ ඇග පුරාම නිකන් කරන්ට් එකක් යනවා වගේ.මගේ මුලු ඇගම රිදෙනවා. මට ඇස් අරින්න ඕනි වුනත් ඇස් වල බර ගතියක් දැනෙනවා...මගේ එක අතකට දැනිච්ච ඒ සියුම් ස්පර්ෂය මොකක්ද කියලා මට ඇස් ඇරලා බලන්න ඕනි වුනා. මුලු ඇගේම හයිය දාලා මං ඇස් ඇරියා. පුලුන් බෝලයක් වගේ චූටි කෙලි පැටික්කියෙක් මගේ අත අතගානවා.

"අනේ....මගේ කින්ග් ඇස් ඇරියද....ඉන්න මං හොබී අප්පට කියලා එන්නම්..."

අම්බෝ..මේ චූටි කෙල්ලගේ කට....ඒ චූටි පැටියා ගැන හිත හිත ඉන්නකොට ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා මාව චෙක් කළා. මං මේ කොහෙද ඉන්නේ කියන්නවත් මට මතකයක් නෑ.

"අනේ ඩොක්ටර් මං මේ කොහෙද ඉන්නේ....මට මොකද මේ වෙලා තියෙන්නේ.."

"පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ...ටිකක් රෙස්ට් කරන්නකෝ.... " එහෙම කියලා ඩොක්ටර් රූම් එකෙන් එළියට ගියා.

ඇයි මට කිසිම දෙයක් මතක නෑනේ....මං ඇයි මේ හොස්පිට්ල් එකක ඉන්නේ...

"එන්නකෝ අනේ චුට්ටක් හයියෙන්"

මේ අර චූටි ගර්ල්ගේ කටහඬ නේද...කොච්චර හුරතල් කෙල්ලෙක්ද.....

"බලන්නකෝ දනූ ඔම්මේ..මගේ කින්ග්ට සිහිය ඇවිල්ලා.."

"සනූ මැණික...ඔයාගේ කින්ග්ට කරදර කරන්න එපා..."

එහෙම කියාගෙන රූම් එක ඇතුලට ආවේ ඩොක්ටර් කෝට් එක දාගත්ත ලස්සන නූනා කෙනෙක්.

"..අනේ නූනා මට කියන්නකෝ ඇයි මං මෙහෙම ඉන්නේ..."

"ඔයාට හොබී මුකුත් කිව්වේ නැද්ද.."

"හොබී කියන්නේ කවුද නූනා.."

"යා..මෙයා ඒකවත් කිව්වේ නැද්ද"

"මොකද මේ රූම් එකේ කලබලේ.." කියාගෙන එතනට ආවේ මාව කළින් චෙක් කරපු ඩොක්ටර්ම තමා.

"අනේ...අනේ හොබී මේ කොල්ලට අඩුම තරමේ නමවත් කිව්වේ නැද්ද.."

"නම කියලා මං බෙහෙත් කරන්නේ නෑනේ දනූ.... හරි එහෙනම්... මම ඩොක්ටර් ජන්ග් හෝසොක්. මම තමයි ඔයාව බාර ඩොක්ටර්. "

"ඇයි ඩොක්ටර් මං මෙහෙම ඉන්නේ...මට කිසිම දෙයක් මතක නෑනේ..."

"ඔයාට ඇති වෙච්ච කම්පනය නිසා තමා මතකය නැති වෙලා තියෙන්නේ.. "

⌛Time Watch⌛|JJK| (Completed )Where stories live. Discover now