⏳Chapter 09⏳

212 56 10
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

-මාස හතකට පසු -

මේ මාස හතට අපි හැමෝගෙම ජිවිත හිතා ගන්න බැරි විදියට වෙනස් වුණා.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

ඒත් මාසෙකින් ගෙදර එනවා කියලා ගිය දියා මාස හතක් ගිහිල්ලත් තාම ගෙදර ආවේ නෑ. එයා ගෙදර එනකන් හැමදාම බලන් ඉන්න එක මේ ගෙදර අයට දැන් පුරුද්දක් වෙලා. ඒත් තාමත් දියා ගෙදර ආවේ නෑ. අද හොබී හියුන්ග් දනූ නූනයි එක්ක හොස්පිට්ල් ගියා. සනූත් මොන්ටිසෝරි ගියා. ටේ හියුන්ග් එක්කම තරූ නූනත් ඔෆිස් එකට ගියා. මං විතරයි දැන් ගෙදර ඉන්නේ. මම තනියෙන් ගෙදර හිටියත් මම දැන් ඒ තනිකමට පුරුදු වෙලා.

ගේ ඉස්සරහින් වාහනයක් නතර කරන සද්දයක් ඇහුනත් මේ වෙලාවේ ගෙදර එන්න කෙනෙක් නැති නිසා මං දොර අරින්න ගියෙත් නෑ. ඒත් එකපාරටම දොරේ බෙල් එක වැදුණා. සමහරවිට ආධාර එකතු කරන්න ආපු කෙනෙක් වෙන්නැති කියලා මං දොර ඇරියා.

ඒත් දොර ඉස්සරහා හිටපු අය දැක්කම මං බයවුණා. මං ජිවිතේටවත් දැකලා නොතිබුණ පිරිමි හතරදෙනෙක් මං ඉස්සරහා හිටන් ඉන්නවා. ඒ හැමෝම මාස්ක් දාලා හිටියත් මං එයාලගේ ඇස් දෙකෙන් අමුතු බයක් දැක්කා. ඔව් එදා මං අර ෂොපින් මෝල් එකේ දැකපු මනුස්සයාගේ ඒ වගේම එදා දියාගේ ඇස්වල දැක්ක බයම මං එයාලගේ ඇස් ඇතුලෙත් දැක්කා.

" හ්ම්ම් අපිට ඇතුළට එන්න දෙන්නේ නැද්ද ?"

" කවුද ඔයාලා ..... ? "

" ඇයි ඔයාලා ගේ ඇතුළට යන්නේ නැතුව ගල් ගිල්ලා වගේ බලන් ඉන්නේ...... මේ නොදන්න තැනක් නෙමේනේ " එහෙම කියාගෙනම එතන්ට ආවේ ......

මාසයකින් ගෙදර එනවා කියලා ගියත් මාස හතක් ගියත් ගෙදර ආවේ නැති......

මේ මාස හතටම මගේ ඇස් දෙකත් මටත් නොදැනිම හෙවපු.......

දියා.......

" ආ මේ එහෙනම් අපි ඇතුළට යමු නේද ? "

" ආ එන්න "

එයාලා ගේ ඇතුළට ඇවිල්ලා එයාලා දාගෙන හිටපු මාස්ක් ගැලෙව්වා‌. ඒ මූණූ හතරෙම මොකක්දෝ මන්දා පුරුදු කමක් මට දැනුනා. මොකක්දෝ මන්දා බොද මතකයක් එයාලගේ මූණත් එක්ක මට මැවෙන්න පටන් ගත්තා.

⌛Time Watch⌛|JJK| (Completed )Where stories live. Discover now