🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
මම අනාගතේ මොනවා වෙයිද කියන්නේ දන්නෑ........
ඒත් එන දේකට මුහුණ දෙනවා කියලා හිතාගෙන තමා දියා එක්ක සෝල් එන්න ආවේ.........
පැය දෙකකට විතර පස්සේ අපි දෙන්නට සෝල් වලට එන්න පුළුවන් වුනා.....
අපි සෝල් වලට ආවාට පස්සේ දියා වාහනෙත් ඩ්‍රයිව් කරගෙන ආවේ ලොකු කැම්පස් එකකට.
" මේක තමා මම උගන්වන කැම්පස් එක. සෝල් නැෂනල් යුනිවර්සිටි එක. මම යුන්ගි ඔප්පව හම්බ වෙලා එන්නම්. එතකන් කාර් එකට වෙලා ඉන්න."
" හරි ....." දියා එහෙම කියලා වාහනෙන් බැහලා කැම්පස් එක ඇතුළට ගියා. එයා ගිහිල්ලා පැය භාගයක් වුනත් ආවේ නැති නිසා මම කම්මැලි කමටත් එක්ක වාහනෙන් බිමට බැස්සා. මම වාහනෙන් බැහැලා පොඩ්ඩක් වටේ පිටේ ඇවිද්දා. ඒත් මං එහෙම ඇවිදින කොට කැම්පස් එකේ ළමයි කතා කරන දේවල් අහලා මාව ඉබේටම නතර වුණා.
- " මේ එයා නේද..... අර අපේ කැම්පස් එකේ රෙකෝර්ඩ් එකක් තිබ්බේ....."
- " ඔව් මේ එයා තමා..... ප්‍රොෆෙසර් දියා එක්ක රෙකෝර්ඩ් එක තිබ්බේ...."
- " ප්‍රොෆෙසර් දියා මැරි කළේ මෙයාව නේද......"
- " ඒත් මීට කළින් කවදාවත් එයා කැම්පස් එකට ඇවිල්ලා නෑනේ...."
- " අන්තිමට ආවේ මීට අවුරුදු තුනකට කලින්නේ..."
- " එතකොට මේ ප්‍රොෆෙසර් දියාගේ හස්බන්ඩ් ද ?......."
" කුකී මං කිව්වා නේද වාහනෙන් බිමට බහින්න එපා කියලා...... ඇහුවේ නෑනේ........ "
" මට කම්මැලි හින්දයි මං බැස්සේ...... අනික ඔයා මොකටද මං වාහනෙන් බැස්සා කියලා ඔච්චර කේන්ති ගන්නේ......මොකද මං හොල්මනක් ඈ.... "
" තමුන් හොල්මනක් තමා...... "
" මොකක් ......"
" මේ ලෝකෙට තමුන් මැරිච්ච කෙනෙක් ......... තමුන් ජීවත් වෙනවා කියලා දන්නේ කීප දෙනයි........ තමුන්ගේ අවාසනාවට ඒ ගැන දැන නොගත යුතු කෙනාම ඒ ගැන දන්නවා....."
මොකක් එතකොට මම මැරිච්ච කෙනෙක්ද.... එතකොට මාව බේරගෙන තියෙන්නේ හොබී හ්යොන්ග්....... එයා කිව්වා වගේම මං ජීවත් වෙන්න අනිවාරෙන්ම ලොකු හේතුවක් ඇති......
YOU ARE READING
⌛Time Watch⌛|JJK| (Completed )
Romance🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 අපි ආසයි මේ ලෝකේ වෙන ගොඩක් දේවල් හීනයක්ම වුනා නම්..... තමන්ගේ මුලු ජීවිතේම අබිරහස් ගොඩකින් පිරිච්ච ජීවිත දෙකක්..... දෛවය විසින් සුන්දරව එකතු කරළා ගොඩ නගපු කැදැල්ලක් විද්‍යාවක් නිසා විනාශ වෙලා ගියොත්..... 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ...