⏳Chapter 13⏳

197 55 16
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

" පොඩි මහත්තයා..... මේ ඇදුම ඇන්දේ..... "

" ඇයි අජුම්මා.... මේක මගේ නිළ ඇදුම...... මට ජීවිතේ දීපු වගේම මට ජීවිතේ නැති කරපු මගේ නිළ ඇදුම...... "

" ඒ කියන්නේ පොඩි මහත්තයට මතකය ආවද ? "

" ඔව්..... අජුම්මා. අමතක වෙලාම තිබ්බ නම් හොදයි කියලා හිතපු මගේ මතකය ආපහු ආවා....... "

මම අජුම්මත් එක්ක කතා කර කර ඉන්නකොට ගේ ඉස්සරහින් වාහනයක් නැවත්තුවා.‌ මේ වෙලාවට එන්නේ වෙන කවුරුත්ම නෙමේ.......

මම මේ ලෝකේ වැඩියෙන්ම විශ්වාස කරපු..........

ඒ වගේම මට කරන්න පුළුවන් ලොකුම බොරුවත් මට දීපු අයම තමා.........

මම සෝෆා එකෙන් වාඩි වුණා. ඉස්සර මම මගේ සෝල්ජර්ස්ලා ඉස්සරහ වාඩි වෙන විදියටම.‌ විනාඩි ගාණකට පස්සේ දොර ඇරන් මුලින්ම ඇතුළට ආවේ ජිමින්. ඊට පස්සේ දියා වගේම ජින් , නම්ජුන් , යුන්ගි හ්යොන්ග්ලත් ඇතුලට ආවා. මාව දැකලා එයාලා පුදුම වුණා. පුදුම නොවී ඉන්නේ කොහොමද......

එයාලා ලෝකෙට පෙන්නගෙන ඉන්න වෙස්මූණ ගලවලා දාන්නනේ ඉතින් මට ආපහු මගේ මතකේ ආවේ.......

" කුකී..... ඇයි ඔයා ඔය ඇදුම ඇදගෙන ඉන්නේ "

ඒ කියන්නේ මට තාම මතකය ඇවිල්ලා කියන එක තේරිලා නෑ..... මෙච්චර කාලයක් මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කලානේ......

එහෙනම් දැන් තමා මගේ සෙල්ලම පටන් ගන්නේ..........

" කුකී..... ඒ කවුද ඒ...... මං දන්න විදියට කුකී නම් මීට අවුරුදු හයකට කළින් මැරුණා..... මතක ඇති නේද ..... "

" කුකී..... ඔයාට මතකේ ආවද .... "

" වාව්..... මිසිස් ජියොන් දියා..... ඔයාගේ රගපෑම නම් ....... ඔයා කොහොමද හැමදේම අමතක කරලා මැරිලා ඉපදුණා වගේ ජීවත් වෙන්නේ........ "

" ජන්ග්කුක්......... "

" ඔව්...... ජියොන් ජන්ග්කුක්....... දකුණු කොරියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා අණදෙන නිලධාරී කැප්ටන් ජියොන් ජන්ග්කුක්....... මිසිස් ජියොන් දියා එයාගේ අත් දෙකෙන්ම මරලා දාපු එයාගේ කුකී.... මතකද.... "

⌛Time Watch⌛|JJK| (Completed )Where stories live. Discover now