⏳Chapter 07⏳

209 54 8
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

මගේ අතින් කවුද ඇල්ලුවා‌‌. මං කවුද කියලා බලන්න ආපහු හැරිලා බලන කොට එතන හිටියේ .........

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

" දියා........"

" ඔව් මං තමා. ඔයා ඒ මනුස්සයව අදුරනවද ?"

" අනී....මං බැල්කනි එකේ ඉද්දිත් දැක්කා ඒ ජීප් එක ගේ ඉස්සරහා නවත්තලා තියනවා. දවස් දෙක තුනක ඉදන් ඒ වාහනේ ගේ අයිනේ තියනවා මං දැක්කා ඒකයි බලන්න ගියේ... "

" පිස්සෙක්ද තමුන් මොළයක් කියලා දෙයක් නැද්ද ..... නොදන්න මිනිස්සුත් එක්ක කතා කරන්න යන්න එපා..‌. තමුන්ගේ හොදටයි කියන්නේ.... "

දියා මට කෑ ගහලා ගේ ඇතුලට ගියා. ඒත් මං දැක්කා ඒ මනුස්සයා දියාව දැක්ක ගමන් ගොඩක් කලබල වුනා. ඇයි දන්නෑ..... මම ඒ දේවලුත් හිත හිත ගේ ඇතුලට ගියා. මම ගේ ඇතුළට යනකොට තරූ නූනා කුස්සියේ. සනූ ටීවී එක බලනවා. එතකොට දියා කලින් මං දැක්ක විදියටම මේසේ ඉදන් පොතක් බලනවා. මටත් කම්මැලි නිසා ගේ වටේට පොඩ්ඩක් ඇහැ දාලා බැලුවා. එතකොට තමා දැක්කේ සාලේ කෙලවරට වෙන්න ලස්සන වොල් ආර්ට්ස් ටිකකුත් එක්ක තිබ්බ ෆැමිලි ෆෝටෝස් වගයක්.‌ එදා මං මෙහෙට ආපු දවසේ සනූ මාව එක්කන් ගිහින් පෙන්නුවත් ඊට පස්සේ මං එතන්ට ගියේ නෑ. මට කම්මැලි නිසා මං ඒ ෆෝටෝස් ටික දිහා බලන් හිටියා.

" කොල්ලා ලොකු කල්පනාවක වගේ නේද"

" ටේ හියුන්ග් "

" හ්ම්ම්.. මොනවද කල්පනා කරන්නේ "

" එහෙම විශේෂ දෙයක් නෑ.. හියුන්ග් අද ඔෆිස් ගියේ නැද්ද "

" නෑ කුකී‌. ඊයේ රෑ එක්කෙනෙක් හොද අඩව්වක් ඇල්ලුවනේ ඉතින්. නිදා ගන්න හම්බ වුනේ නෑ. " ටේ හියුන්ග්‌ එහෙම කියන ගමන් බැලුවේ දියා දිහා. ටේ හියුන්ග් ඒ හින්ට් එක පාස් කලේ දියාට‌. ඒත් දියා ඒක ගණන් ගත්තේ නෑ වගේ පොත කියව කියව හිටියා.

" ටේ හියුන්ග් මං දෙයක් අහන්නද "

" අහන්න කුකියෝ "

" හියුන්ග් මේ ෆෝටෝ එකේ ඉන්න ලස්සන පිරිමි ළමයා කවුද ? මැද්දේ ඉන්නේ ටේ හියුන්ග් නේද ? එතකොට මේ දියා නේද ? " එහා පැත්තේ ඉන්න පිරිමි ළමයව පෙන්නල මං ටේ හියුන්ගෙන් ඇහුවා. ඒ පිරිමි ළමයා ගොඩක් ලස්සනයි. හිනාවෙන ඇස් දෙකක් , චබී මූණක් තිබ්බා. කියුට් පිරිමි ළමයෙක්.

⌛Time Watch⌛|JJK| (Completed )Where stories live. Discover now