🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
" .....කූ........"
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
" කුකී...දනූ ඔන්නිගේ පේෂන්ට් කෙනෙක්. මෙමරි ලොස්ට් එකක් හින්දා මෙහෙ තමා ඉන්නේ "
එහෙම කියලා තරූ නූනා මාව අදුන්වලා දුන්නත් දියා මටත් රවාගෙනම ගේ ඇතුලට ගියා. මමත් සනූව වඩාගෙනම ගේ ඇතුලට ආවා.
" ඔයා ඒක එච්චර හිතන්න එපා. දියාට වෙච්ච දේවල් එක්ක එයා ලේසියෙන් මනුස්සයෙක්ව විශ්වාස කරන්නේ නෑ.... " තරූ නූනා කිව්වා.
" අනේ ඒකට කමක් නෑ. ඒක නෙමේ නූනා සනූ වොෂ් එකක් දාන්නේ නැද්ද ? "
" ඔය ගද කෙල්ල වොෂ් දාන්න මාර කම්මැලියි. කෝ සනූව මෙහෙට දෙන්න "
තරූ නූනා මගේ අතේ හිටපු සනූව වොෂ් දාන්න උඩට අරන් ගියා. හොබී හියුන්ග් ටේ හියුන්ග් එක්ක සෝෆා එකට වෙලා ෆිල්ම් එකක් බල බල හිටියේ. හැබයි ටීවී එකේ නම් නෙමේ. දනූ නූනායි දියායි සෝෆා එකේ දෙපැත්තට වෙලා තරගෙට ඔරෝනවා. මමත් ඉතින් ගිහින් සෝෆා එකෙන් වාඩි වුනා.
" ඔන්නි මට සමාවෙන්න. ආයෙත් මං ඔයා එක්ක රණ්ඩු කරන්නෑ. කියන්නකෝ මට සමාව දෙනවද ? "
දියා දනූ ඔන්නි ලගට ගිහින් පොඩි එකෙක් වගේ හුරතල් වෙනවා. ඒත් මේ කලින් මං දැක්ක දියාමද කියලත් හිතෙනවා.
" අනේ ඔන්නි සමාව දෙන්නකෝ. ඔයා දන්නවනේ මං වැරදි දෙයක් කරන්නෑ කියලා. ඔයාට මාව විශ්වාසයි නේද ? "
" මොකක්ද දනූ ඔය කෙල්ල දැන් සමාව ගත්තනේ. හිතේ තරහ තියාගෙන ඉන්න ඕනි නෑනේ. "
" හරි මං සමාව දෙන්නම්. ඔයා දන්නවනේ මට මේ ලෝකෙන් වටිනම දේ ඔයා කියලා. මොන දේ වුනත් තාමත් ඔයා මට අර ඉස්සර හිටපු මගේ චූටි යොන්දොන්සෙන්ම තමා. මං කැමති නෑ ආපහු පාරක් ඔයා ජීවිතේ වරද්ද ගන්නවට. මොකද එකපාරක් ඔයාගේ අතින් වෙච්ච වැරැද්දක් නිසා අද ඔයා වගේම සනූත් දුක් විදිනවා. අන්න ඒ හින්දයි ආපහු පාරක් ඒ වගේ දෙයක් නොවෙන්න මං ඔයාව පරිස්සම් කරන්නේ. "
" ඔන්නි තමා හැමදාම මගේ ඔම්මා. ඔන්නි හරි මං එදා එකපාරක් හරි ඔන්නි කියපු දේ ඇහුවනම් අද මේ වගේ ජීවිතයක් මං ගෙවන් නැතුව ඉන්න තිබ්බා. මේ අවුරුදු තුනටම මම එදා ගත්ත තීරණය ගැන පසු තැවුනේ නෑ. ඒත් අද........අද මං ඒ තීරණේ දස දහස් වාරයක් පසු තැවෙනවා . "
YOU ARE READING
⌛Time Watch⌛|JJK| (Completed )
Romance🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 අපි ආසයි මේ ලෝකේ වෙන ගොඩක් දේවල් හීනයක්ම වුනා නම්..... තමන්ගේ මුලු ජීවිතේම අබිරහස් ගොඩකින් පිරිච්ච ජීවිත දෙකක්..... දෛවය විසින් සුන්දරව එකතු කරළා ගොඩ නගපු කැදැල්ලක් විද්යාවක් නිසා විනාශ වෙලා ගියොත්..... 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ...