⏳Chapter 08⏳

207 51 7
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

දියා කියන්නේ දරුණු ........"

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

"  දියා කියන්නේ දරුණු මට්ටමේ විශාදය රෝගියෙක්...... "

" මොකක් ඒක ආයෙමත් "

" හ්ම්ම් "

" ඔයා කොහොමද දන්නේ ....... දියා ද කිව්වේ "

" නැහැ..... මම පෙරේදා දියාගේ කාමරේට ගියා. එතකොට ටේබල් ලයිට් එක ගාව බෙහෙත් කාඩ් වගයක් තිබ්බා. මං ඒක මගේ යාළුවෙක්ට යැව්වා. මට අද උදේ එයා තමා කෝල් කරලා කිව්වේ ඒ බෙහෙත් විශාදයට බොන බෙහෙත් කියලා. ඒකත් තුන්වෙනි මට්ටමේ. ඒ වගේම එයා මට කිව්වා මේ බෙහෙත් වලින් තාවකාලික සුවයක් ලබන්න පුළුවන් වුනාට මේ ලෙඩේ හොද කරන්න නම් ඒකට හරියන වටපිටාවක් පේෂන්ට්ගේ වටේ තියෙන්න ඕනි කියලා. එයා අපි ගාව ඉද්දි මේ බෙහෙත් පාවිච්චි කරනවා කියන්නේ එයාට හරියන වටපිටාව අපි ගාව නෑ කියන එක නේද ? " හොබී හියුන්ග් එහෙම කියද්දි හැමෝම බිම බලාගෙන හිටියේ.

" ඒත් හොබී එයාට ආයෙමත්‌ එහෙම වෙන්නේ නෑ කියලා ඩොක්ටර්ස්ලා කිව්වනේ" දනූ ඔන්නි ඇහුවා.

" ඒත් මතකද ඩොක්ටර්ස්ලා‌ කිව්වා ..... ඒ දේ ආයේ සිද්ධ නොවෙන්න නම් එයාට සතුටින් ඉන්න පුළුවන් වටපිටාවක් ගොඩනගන්න කියලා. මං හිතන්නේ අපිට ඒක අමතක වෙලා... "

" මමයි මේ හැමදේටම වැරදි.... අඩුම තරමේ මට දියාව තේරුම් ගන්නවත් බැරි වුණා. මං එයාට ගැහුවත් එක්ක‌. ජිවිතේ පළවෙනි වතාවට මං එයාට ගැහුවා....... " ටේ හියුන්ග් ඇස්වල කදුළු පුරවගෙන කිව්වා.

" ටේ ඔයා විතරක් නෙමේ. අපි හැමෝම වැරදියි. මට බැරිවුණා මගේ චූටි කෙල්ලව තේරුම් ගන්න " තරූ නූනා ඇස්වල කදුළු පුරෝගෙන කිව්වා. 

" මතකද හියුන්ග් ඩොක්ටර්ස්ලා කිව්වා ඒ වගේ වෙලාවක එයා ඉන්න පරිසරය වෙනස් කරන්න කියලා. ඒ හින්දනේ මීට අවුරුදු 13 කට කළින් අපි සෝල් ආවේ. " ටේ හියුන්ග් එහෙම කියද්දි හොබී හියුන්ග්ගේ මූණට හිනාවක් ආවා.

" ඒ කියන්නේ මට තිබ්බ අන්තිම ප්‍රශ්නෙත් විසදුණා.‌ " හොබී හියුන්ග් එහෙම කිව්වා.

⌛Time Watch⌛|JJK| (Completed )Where stories live. Discover now