7 වන කොටස

264 58 0
                                    

"අප මේ කතා බහ කරමින් සිටියේ නැගණිය ට ලැබුණු විවාහ යෝජනාව ගැන" මෑණියන් පැවැසූ දෙයින් පුදුමයට පත් taehyung තම මෑණියන් දෙස බැලුවා. "මේ අපේ නැගණිය ට විවාහ යෝජනාව ක්? කාගෙන් ද?" අසුනක අසුන් ගනිමින් ඔහු විමසුවේ අනිත් සියලු කාරණා අමතක කරමිනුයි. "මාලිගාවෙන්. කිරුළ හිමි baekhyun කුමරු ව අපේ දියණිය ට විවාහ කර දීමට ඔවුන් කැමතියි ලු" tae ගෙ පියා ගෙ වදනින් tae ඉමහත් සතුටට පත් උනේ තම නැගණිය කිරුළ හිමි කුමරු ට ආලය දක්වන බව දැන සිටි නිස යි.

"ඒ වගේම මේ ඉන්නෙ අපගෙ දියණිය choi min - ra. මගෙ නැති වූ දියණිය. Minho කෙසේ හෝ ඇයව සොයා ගෙන." Minho ගෙ මව තම දියණිය වූ Minra ගෙ හිස අත ගා ඈ දෙස ආදරයෙන් බැලුවා. "තවම ඔප්පු වී නැහැ ඇය අපගෙ දියණිය බව, කැලල තිබු සැනින් ඔබලාට බැහැ ඇය අපගෙ නැති වූ දියණිය බව පවසන්න "choi අමාත්‍ය තුමා කේන්තියෙන් අසුනෙන් නැගිට පිටතට පිට වුණා. " පියාණන් මන් ද මෙතරම් නැගණිය ට වෛර කරන්නේ "minho ඇසුවත් සියල්ලන්ම කරේ බිම බලාගත්ත එකයි. ඒත් එක්කම Kim අමාත්‍ය තුමාත් කුටියෙන් පිටතට ගිය. මේ කතාබහ අතරතුරදී දිගටම Minra ගෙ අවධානය තිබ්බේ tae ලඟ මද වේලාවකින් කුටිය තුළ ට Jieun පැමිණියා.

ජියුන් ව දුටුවිටයි ටේ ට ජියුන් ගැන සිහි වුනේ.” මා මදකට නිවසින් බැහැරට යනවා.ඔබතුමියට එය දැනුම් දීමටයි පැමිණියේ.” “නමුත් ඔබ කොහිද යන්නේ “ ටේ ගේ මව නැගු පැනයට පිළිතුරු නොදී සිනාසී ඇය කුටියෙන් පිටතට ගියා.ඒත් සමගම ටෙහ්යුන්ග් නුත් කුටියෙන් පිටතට ගියා.

minra - මෑණියනී මන් ටෙහ්යුන්ග් අයියන්ඩි හමුවීමට ගොස් පැමිනෙන්නම්.

මින්හෝ ගේ මව - හොදයි දියණිය.ඉක්මනින් පැමිණෙන්න.

හිස නමා ආචාර කර ඇයත් ටෙහ්යුන්ග් පසු පස ගියා.”මට හිතෙන්නේ දියණියගේ විවාහය වගේ ම අපිට ටේ ගේ සහ minra ගේ විවාහයත් සිදු කළ හැකි වේවි.” ටෙහ්යුන්ග් ගේ මව සිනහ සෙමින් පැවසුවා.එය අනුමත කරමින් මින්හෝ ගේ මවත් ඇය සමග එකතු වී සිනාසුනා.

taehyung pov

මා හට කෙසේද ඇය අමතක වුයේ.ඇය කුමක් සිතුවද දන්නැහැ මන් ගැන.මා ඇය පසුපස දිවගියේ ඇය ඉතා ඉක්මනින් ගමන් කරන නිසයි.” ජියුන් මදක් නවතින්න මට ඔබ සමග කතා කිරීමට අවශ්‍යයි .” මා ගේ කෑ ගැසුමටවත් ඇය නැවතුනේ නැ.නමුත් මා ඉක්මනින් දිවගොස් ඇයගේ අතින් අල්ලා ගත්තා.

Fate Of Love ( COMPLETED)Tempat cerita menjadi hidup. Temukan sekarang