මොචියෝ... මගේ ඔප්පා... ඉහි..
ඉහි..නැගිටින්නකෝ අ..ප්පා ගි..යා.
ඔප්..පා.. පිලිස් නැගිටින්න..😭පුංචි ජිසෝ අඩන්නේ ජිමින්ගේ පපුවට තුරුළු වෙලා...
චුටි මැනික අඩන්න එපා... ඔප්පා හොදින්.
කෝ..ඉතින් ඔප්පට නැගිටින්න ඔලුව.. උස්සන්නකෝ අ..හ්හ්..බිම වැටිලා හිටිය ජිමින් ලග තිබ්බ මේසෙට වාරු දීලා නැගිට්ටේ අමාරුවෙන්...
ඔප්පා.... අප්පා මොනවද ඔප්පව මේ කාමරේට ගෙනත් කරන්නේ... ඔප්පට ගහනවද.. ඇයි ඔප්පා එතකොට කැ ගහන්නේ.. මට කියන්නකෝ ඔප්පා...
මගේ චුටි කෙල්ල ඕවා හිතන්න එපා.. අප්පා මට මොකුත් කරන්නේ නෑ.. ඒත් ඔයා අප්පා ඉන්න වෙලාවට කිසිම හේතුවකට කාමරෙන් එලියට එන්න එපා තේරුනාද... ම්ම්හ්
ම්ම්ම්හ්හ් තේරුනා ඔප්පා...
දැන් අපි දොයියමු හෙට අලුත් ඉස්කෝලේට යන්න ඕනිනේ අපි..
පපුවට තුරුල් වෙලා ඉන්න ජිසොගේ කොන්ඩේ අතරින් අත යවමින් ජිමින් හෙමිහිට ජිසොව නිදි කරාලා.. ජිසොගේ එහා පැත්තේන් ඇලවුනේ කල්පනා වකට වැටේ මින්
Jimin.
මම කොහොමද ජිසෝ ඔයාට මේවා කියන්නේ.. ඔයාගේ ඔප්පා අපායක ජිවත් වෙනවා කියලා කොහොමද කියන්නේ.. මම මෙහෙමවත් ජිවත් වෙන්නේ ඔයා නිසා ජිසෝ...ඔම්මා අපිව දාලා ගිය දවසේ ඉදලා මම ජිවත් වෙන විදිය,අප්පා කියන මිනිහා නිසා ජිවත් වෙන විදිය මම කොහොමද ජිසෝ ඔයාට කියන්නේ..😭කල්පනා කර කර හිටපු ජිම්න්ට නින්ද ගියේ ඇගෙන් දැනුන වේදනාවත් එක්කම
ජිමින්ට අවුරුදු 15 වෙනවත් එක්කම ජිමින්ගේ ඔම්මා ජිසොවත් ජිමින්වත් තනි කරලා දාලා යන්නේ වෙනම ලෝකෙකට. ජිමින්ගේ අප්පා ජිමින්ගේ ඔම්මාට සැලකුවේ නරක විදියට. ඔම්මා මැරෙන්න හේතුව අප්පා ඔම්මාට වැදුනු පොලු පාරක් නිසා.ජිමින්ගේ ඔම්මාගේ මරණයෙන් පස්සේ ජිමින්ට උනේ හැම රෑ කම තමන්ගේ අප්පාගේ අතින් විනාස වෙන්න.ක්ලබ් අයිති කාරයෙක් උන ජිම්න්ගේ අප්පා කුඩු බිස්නස් කරන කෙනෙක් සමහර දවස් වලට කුඩු පෙට්ටි වලට අසුරන්න උනෙත් ජිමින්ට..
ජිසෝ කියන්නේ ජිමින්ගේ නංගි ජිමින්ගේ ලෝකේ.. කිහිපවතාවක්ම ගෙදරින් පැනලා යන්න හැදුවත් ජිමින්ගේ අප්පා ජිමින්ව නවත්තගත්තේ ජිමින්ගේ අඩුව ජිසොගේන් පියව ගන්නවා කියලා බය කරමින්.___________________________________________
බබාලා මේ මගේ 2 ff එක.. මේක ලියන්නේ වෙන එකවුන්ට් එකකින්. කලින් එකවුන්ට් එක මගේ ෆෝන් එකට කළු කුමාරයා වැහුණු වෙලාවක පිස්සු නටලා නැති උනා 😭ඔය ඉහත රුපයේ දිස් වන්නේ කලින් එකවුන්ට් ඒකයි කතාවයි ❤
ඉතින් අඩුපාඩු කියන්න බබාලා..
ආදරේයි උයාලට ඔතරි..
💜
Bye
හෙට හමු වෙමු කෙල්ලනේ...
YOU ARE READING
TEARS ______🍀 ||Completed||
Adventureමා තනිව සිටිනා.. අදුර සොයනා.. දුක උරුම වී තිබු.. මාලානික අහසක්.. නුබ ඇවිත් හිරු වී.. මගේ පාලු අහසට.. එලිය දුන්නේ ආදරේන්.. මම නුබව සොයනා.. නුබව පතනා.. සැම මොහොතම.. මගේ ලගින් නුබ ඇවිත් සිටියේ.. පාලු අහසට හිරු ලෙසින්.. ...