* 5 *

440 117 2
                                    

|Open Your Heart

තද ඔළුවෙ කැක්කුමක් එක්ක මං උදේ ඇස් ඇරියෙ ඔළුවත් අල්ලගෙන .. ඒත් නැගිටින්න බැරි නිසා මං බැලුවෙ ඒ මොකද කියලා ..

ජොන් ජන්ගුක් , මගෙ හස්බන්ඩ් .. මගෙ ඇඟ උඩින් අතකුත් දාගෙන පපුවටම තුරුල් වෙලා නිදි .. හම් , හා පැටියෙක් වගේ .. මෙයාව දැක්කහම මට කෙනෙක්ව මතක් වෙනවා .. මං ටික වෙලාවක් ඒ මූණ දිහා බලන් හිටියෙ මතකයට ආව කෙනා නිසා ..

ඒත් මේ එයා නෙවෙයි .. එයාගෙ මූණ අල්ලන්න ගිය අත ආපහු මං ළඟට ඇද ගන්න ගමන් මම එයාට ඇහැරෙන්නෙ නැති වෙන්න එහායින් තියලා වොෂ් රූම් එකට ගියේ මගේ ගද මටම දරා ගන්න බැරි නිසා ..

' මියානෙ සුන්ග් ජේයා .. මං ඔයාට වුණ පොරොන්දුවක් කැඩුවා .. ආයෙ නොබී ඉන්නම් .. ඊයෙට විතරක් සමාව දෙන්න .. ඔයා බලාගෙන නේද ඉන්නෙ .. ඔයා දන්නවනෙ මං ඇයි බිව්වෙ කියලා .. ඒ හින්දා සමාව දෙන්න .. '

ෂවර් එක යටට යන ගමන් මං හිතුවෙ එයාව මතක් කරන් ..

|- KTH -

Open Your Heart  🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )Where stories live. Discover now