|Open Your Heart
දැන් සතියක තිස්සෙ ඉඳලා මම බොන්න පටන් ගත්තෙ මගෙ හිත නිසාමයි ..
ඔව් , මට මාව පාලනය කර ගන්න බෑ .. මං දන්නෑ මං මොකක්ද කරන්න ඕනි කියලා .. ඒ නිසා මම සුන්ග් ජේට වුණ පොරොන්දුව කඩ කරලා ආයෙත් බොන්න පටන් ගත්තා ..
හැමදාම උදේ වොෂ් දාලා කුකී ඇහැරෙන්න කලින් ගෙදරින් යන මම රෑ වෙලා ගෙදර එන්නෙ යුන්ගියාගෙ කරෙන් .. සමහර දවසට මට වෙරි නැතත් මං ඒ වගේ ඉන්නවා ..
මට දුකයි මං ගැන වගේම කුකී ගැනත් .. එයා අහිංසකයි .. හරියට බෙගෙ බෙස්ටා ජිමිනා වගේ .. ඒත් කුකී කොච්චර අහිංසක වුණත් මට එයාට ළං නොවෙන්න හේතුවක් තියෙනවා ..
එයා මට ආදරේ කරනවා .. සමහර දවසට මාව ඇඳට එක්කන් ඇවිත් මගෙ ඔළුව අත ගගා එයා කියවද්දි මට තේරුණා එයා මට ආදරේ කරනවා කියලා ගොඩක් කාලෙක ඉඳලා ..
මං කුකී ගැන විස්තර හොයන්න උවමනාවක් කළේ නැත්තෙ එයාව මගේ හදවතට වැදගත් කෙනෙක් කරන්න ඕනි වුණේ නැති නිසා .. ඒත් එයා එදා රෑ කියපු දෙයින් පස්සෙ මං එයා ගැන හෙව්වා ..
එදායින් පස්සෙ මම ගොඩක් අසරණ වුණා .. දෙලොවක් අතරෙ දෝලනය වෙනවා වගේ මට දැනුනෙ .. මට එයාගෙ ළඟ ඉන්න බැරි වුණා කලින් වගේ වත් .. ඒකයි මෙහෙම කරන්නෙ ..
උදේ නැඟිටිනකොට වෙනදා වගේම කුකී මගෙ පපුව උඩ ඔළුව තියන් නිදි ..
වෙනදට වඩා ඇහැරෙන්න පරක්කු වුණ නිසා ඉක්මනින් වොෂ් රූම් එකට ගියේ කුකීට ඇහැරෙන්න කලින් යන්න .. මං වොෂ් දාන් එනකොට එයා රූම් එකේ නෑ ..
|- KTH -
YOU ARE READING
Open Your Heart 🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )
FanfictionOpen your heart to falling love again .... Taekook ff Fanfiction Only [ Start & Completed 2021 / 08 / 07 ]