|Open Your Heart
" කවදද මාව මඟ හරින්නෙ නැතුව ඉන්නෙ කිම් ටේ හ්‍යුන්ෂී ..? "
මං ක්ලෝසෙට් එකෙන් ඇඳුමක් දාගෙන එද්දි මට ඒ කටහඬ මගෙ ළඟින්ම ඇහුනා .. මං මුකුත් නොකියා මිරර් එක ළඟට ගිහින් කොණ්ඩෙ හදා ගත්තා ..
" තාමත් පරණ මතක වල ගිලිලා ඉන්නද ඔයාට ඕනි .. සුන්ග් ජේ හ්‍යුන් නම් ඒකට කැමති වෙන එකක් නෑ .. මං මගෙ හ්‍යුන්ව හොඳින්ම දන්නවා .. එයා පොඩ්ඩක්වත් ඔයා දුක් වෙනවට කැමති නෑ .. "
කොණ්ඩෙ හදාගෙන යන්න ගියපු මම නැවතුනේ සුන්ග් ජේගෙ නම ඇහුන නිසා ..
" හ්‍යුන්ට ඕනි වුණේ තමුන් හැමදාම හොඳින් ඉන්නවා දකින්න .. ඒත්, ඒත් මේ මොනවද ඔයා කරන්නෙ ටේ හ්‍යුන්ගි හ්‍යුන් ..? "
මම හිටපු තැනම මුකුත් නොකියා එයා කියන දේවල් අහන් හිටියා ..
" ඔයා දන්නෙ නැතුව ඇතිනෙ .. ජියෝන් සුන්ග් ජේ මගෙ හ්‍යුන් .. මේ ලෝකෙ මම වැඩිපුරම ආදරේ කරපු මට හිටිය එකම සහෝදරයා .. එයා ඔයාට ගොඩක් ආදරය කළා .. ඒ හැමදේම එයා මාත් එක්ක කිව්වා .. මං ඒ දේවල් නිසාම ඔයාට ආදරේ කරන්න ගත්තා .. දන්නවද ? එදා හ්‍යුන් ඔයාව බේර ගන්න ඔයාගෙ බ්‍රේක් නැති කා එකෙ ගියත් එයාගෙ කිසිම දුකක් ඒ ගැන තිබුණෙ නෑ .. එයාට ජීවිත් වෙන්න තව වැඩි වෙලාවක් නෑ කියලා දැන දැනත් එයා සතුටු වුණා ඔයා වෙනුවෙන් මේ දේ කළේ කියලා .. ඔයා එනකොට පරක්කු වැඩියි .. එයා ගියා .. යන්න කලින් මට කතා කළා .. ඔයාව තනි කරන්න එපා කිව්වා .. ඔයාට සතුටින් ඉන්න උදව් කරන්න කිව්වා .. එයා පොඩ්ඩක්වත් හිතුවෙ නෑ ඔයා මෙහෙම ජීවිතේ නාස්ති කර ගනියි කියලා හ්‍යුන් .. "
මගේ ඇස් වලට කඳුළු ආවෙ එයා මාව දාලා ගිය දවස මතක් වෙලා .. මං ඩෝ එක අල්ලගෙන එහෙමම හිටියා ..
" මං දන්නවා ඔයාගෙ හිතේ හැමදාම මගෙ හ්‍යුන් හිටියෙ .. තාමත් එයා විතරයි .. ඒත් ඒකෙන් ඔයාට සතුටක් ලැබෙනවද ..? මට කියන්න හ්‍යුන් .. එහෙම ඉන්න එකෙන් ඔයා සතුටු වෙනවද ..? මගේ ඔම්මයි අප්පයි හ්‍යුන් ගැනයි ඔයා ගැනයි දැනන් හිටියෙ නෑ .. ඒක හ්‍යුන් කියන්න ඉන්නකොටයි එහෙම වුණේ .. ඔයත් මට ආරංචි වුණා එදා හ්‍යුන් නැති වුණා කියලා දැන ගත්‍තහම හොස්පිටල් නැවැත්තුවා කියලා .. ඒත් මගෙ හ්‍යුන් මට කොච්චර ළං වෙලා හිටියද කියලා ඔයා දන්නවද දන්නෑ .. මට වෙන දෙයක් ගැන හිතන්න සිහියක් තිබුණෙ නෑ ඒ දවස් ටිකේ .. පස්සෙ මම ඔයා ගැන හොයලා බැලුවා .. මොකද මමත් ඔයාට ආදරේ කරන නිසා .. ඒ හින්දම නෙවෙයි හ්‍යුන්ගෙ අන්තිම වචන නිසා .. තව දුරටත් මට පාඩුවේ ඉන්න තිබුණා කලින් හිටියා වගේ හිතේ තිබුණ ආදරේ හංගගෙම .. ඇත්තටම බලද්දි මං තාමත් එහෙමනෙ .. ඒත් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් කමක් තිබුණෙ නෑ .. ඒකයි මං ඔයාට කැමතියි කියලා මැරි කරන්න ඉල්ලුවේ ඔයාව .. ඔයාගෙ මූණෙ ඉස්සර තිබුණ හිනාව නෑ .. මට ඕනි වුණා හ්‍යුන්ගෙ ඒ හිනාව ආයෙ දකින්න .. "
එයා අඬනවා .. මට ආයෙ ගිහින් අඬන්න එපා කුකී කියලා එයාව බදාගෙන සනසවන්න ඕනි වුණා .. ඒත් මං එතනමයි ..
" මං හිතුවෙ නෑ මං ළං වෙන එක මෙච්චර ඔයාට දුකක් වෙයි කියලා .. ඔයාට එකම එක පාරක් ඔය හදවත මං වෙනුවෙන් වෙන් කරන්න බැරි ද හ්‍යුන් ..? එකම එක පාරක් .. හ්ම්ම්ම්ම්ම් කමක් නෑ මං අහන්නෙ නෑ ආයෙ .. ඕනි නම් කියන්න මං ඈත් වෙලා යන්නම් ඔයාට නොපෙනෙන තැනකට .. අදම වුණත් .. ඒත් ඔය විදිහට නාස්ති වෙන්න එපා .. දුකින් ඉන්න එපා .. ප්ලීස් .. මං විතරක් නෙවෙයි ඒකෙන් දුක් වෙන්නෙ .. "
එයා එහෙම කියලා වොෂ් රූම් එක ඇතුළට ගියා .. මං රූම් එකෙන් එළියට ඇවිත් කා එකට නැඟලා කෙලින්ම කා එක අරන් ගියේ ක්ලබ් එක පැත්තට ..
|- KTH -
YOU ARE READING
Open Your Heart 🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )
FanfictionOpen your heart to falling love again .... Taekook ff Fanfiction Only [ Start & Completed 2021 / 08 / 07 ]