|Open Your Heart
අද මගේ ජීවිතේ සතුටුම දවසක් .. මගේ හීන වල හැමදාම ඉන්න සිහින කුමාරයාගෙ වෙන්න යන්නෙ මම ..
අප්පා මට ගොඩක් ආදරෙයි ඔම්මත් .. ඒ දෙන්නා මං ගැන හැමදේම දන්නවා .. ඒ හින්දා මගෙ සිහින කුමාරයාව මට ගෙනත් දුන්නා ..
එයා මාව දැකලා තියෙයි ද දන්නෑ එක පාරක්වත් .. ? මට අකමැති වෙන්න විදිහක් නම් නෑ .. මගෙ ආදරේ ඉල්ලන් කී දෙනෙක් ආවද ..? ඒ නිසා එයා මට අකමැති වෙන එකක් නම් නෑ .. ඒත් බයයි වගේ .. එයා ගැන මං දන්නවනෙ .. රූපෙ එයාට වැඩක් නෑනෙ ..
" අදල් අපි දැන් ඇතුළට යන්න ඕනි .. "
අප්පා ඇවිත් මගෙ අතින් අලගෙන මාව එක්කන් ගියා .. මං යනකොට එයා ඉන්නවා .. ඒත් මං දිහා නොබලපු එකට නම් දුකයි .. කමක් නෑ .. ඒයාටත් මට වගේ හිත කලබල ඇති .. නැත්තම් තාමත් ..,
අප්පා මාව එයා ළඟටම එක්කන් ගියහම එයා ඇවිත් මං දිහා එක පාරක් බලලා මගෙ අතින් අල්ලන් එයා ළඟට ගත්තා .. ඒත් මං හීන දැකපු විදිහට නම් නෙවෙයි .. ඒ මූණෙ මම දැකලා තියෙන හිනාව නෑ ..
නීතියෙන් එයා මාව එයාගෙ කර ගත්තත් එයාගෙ හිතේ එහෙම නෑ කියලා මට හිතුනා .. එයා මගෙ තොල් වලට ළං වෙලා කිස් කරලා ආයෙත් ඉක්මනින් ඈත් වුණා .. මට තේරුණා එයා එක කළෙත් ඕනිවට එපාවට කියලා ..
හිතට දුකක් දැනුනත් මම ඉවසන් ඉන්නවා කියලා හිතා ගත්තා .. මේ වෙලාවෙ ඕනිම කෙනෙක්ගෙ හිත කලබලයිනෙ ..
|- JJK -
YOU ARE READING
Open Your Heart 🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )
FanfictionOpen your heart to falling love again .... Taekook ff Fanfiction Only [ Start & Completed 2021 / 08 / 07 ]