|Open Your Heart
' නාස්ති වෙන්න එපා .. !! '
අඬ අඬම ක්ලබ් එකට ගිහින් ඩ්‍රින්ක් එකක ඕඩර් කළත් ඒ වචන මතක් වෙද්දි මට බොන්න හිතුනෙ නෑ .. ක්ලබ් එකෙන් එළියට ඇවිත් ස්ටියරින් වීල් එකට ඔළුව ගහගෙන ටික වෙලාවක් හිටිය මම ආයෙත් ගෙදර යන්න පිටත් වුණා ..
මේ හැමදේම හිතෙන් නිදහස් කරන්න ඕනි .. මගේ ඔළුවෙ තිබුණෙ ඒක විතරයි .. අප්පයි ඔම්මයි ට්‍රිප් එකක් ගියා .. කුකී එක්ක සර්වන්ට්ලා විතරයි ගෙදර ඇත්තෙ ..
මං කෙලින්ම රූම් එකට ආවා .. ඒත් කවුරුවත් රූම් එකේ නෑ .. වොෂ් රූම් එකේ බැලුවා එතනත් එයා නෑ .. ක්ලෝසෙට් එකේ බැලුවා ඒත් නෑ .. ගේ ඇතුළෙ හැමතැනම බැලුවා .. ඒත් නෑ .. ආයෙත් රූම් එකට ආවෙ ඔළුව යකාගෙ කම්මල වගේ වෙද්දි ..
' ඕනි නම් කියන්න මං ඈත් වෙලා යන්නම් ඔයාට නොපෙනෙන තැනකට .. අදම වුණත් .. '
එයා කියපු හැටි මතක් වුණාම මම
ඇඳ උඩින් ඉඳ ගත්තෙ කොණ්ඩෙ අතින් ඇද ගන්න ගමන් .." ම..මං දන්නවා ඔයා සු..සුන්ග් ජේගෙ මල්ලි කියලා .. මං දන්නවා කුකී .. අපි පවුල් ගැන දැ..න ගන්න කලින් අපි..දෙන්නව දැ..න ගන්නයි උත්සහ කළේ .. බිස්නස් නිසා මට හතු..රො ගොඩ..ක් ඉන්නවා .. එද..ත් එ..හෙම දෙය..ක් වුණේ .. ම..මං වෙනුවෙන් එයා එහෙම කළේ .. මං නිස..යි එහෙම එයාට වුණේ .. මං පසුතැවුණා ගොඩක් .. එයා වෙනුවට මට එත..න ඉන්න තිබුණා කියලා .. එයාට විතරයි මේ හදවතේ ඉඩ තිබුණෙ .. වෙන කෙනෙක්ට එන්න බැ..රි වෙන්නම වහලයි තිබුණෙ .. ම..ගෙ හද..වත .. ඒ..ත් එත් ඔයා ඒ..ක වෙනස් කළා .. ඔයා මටත් නොදැනි මගෙ හදවත ඇරලා එතනට ඇවිත් කු..කී .. මේ පුංචි කාලෙකදි .. ඔයා..ගෙ ආද..රේ මට දැ..නුනා ඒත් සුන්ග් ජේ ගැන ඔයා එක පාරක් කියද්දි මට ඔයා ගැන හරියටම දැ..නගන්න ඕනි වුණා .. ඔයා එයාගෙ මල්ලි කියලා දැන ගත්තම මං..මං කොහොමද ඔයා..ට ළං වෙන්..නෙ .. ? මං නිසා එයා..ට එහෙම වුණා කියන දේත් හි..ත් තියෙද්දි .. එයා වගේම ඔය..ත් මා..ව දාලා ගියා..ද්..."
මං තනියම කියෙව්වෙ සුන්ග් ජේ මාව මේ ලෝකෙ තනි කරලා දාලා ගියා වගේ මගෙ කුකිත් මාව මෙහෙන් දාලා ගිහින් කියලා හිතාගෙන ..
YOU ARE READING
Open Your Heart 🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )
Fiksi PenggemarOpen your heart to falling love again .... Taekook ff Fanfiction Only [ Start & Completed 2021 / 08 / 07 ]