* 7 *

439 117 2
                                    

|Open Your Heart

අදත් ගෙවුණු සතිය වගේම දවසක් .. ඒත් අද වෙනදට වැඩිය පරක්කුයි ..

මාත් එක්ක ටිකක් කතා කළා නම් .. අඩුම ප්‍රශ්නෙ මොකක්ද කියලාවත් කිව්වනම් ..

මෙච්චර කල් එයාගෙ අතීතෙ එයාට මතක් නොකර හිටියෙ ඒක එයාව තවත් දුකට පත් කරයි කියලා .. තව නම් බෑ .. එයා එහෙම විනාස වෙනවා බලන්න මට බෑ .

වෙනදට එයාව ගෙනත් දාන්නෙ එයාගෙ කම්පැනි එකේ මැනේජර් යුන්ගි ෂී .. ක්ලබ් එකෙන් කෝල් කරන්නෙ එයාටලු ..

අද කා එකක් ගේට් එකෙන් ඇතුළට එනවත් එක්කම බැල්කනි එකේ හිටපු මම පහළට ගියේ එයා වෙන්න ඇති කියලා හිතාගෙන ..

" ජි..මිනි හ්‍යු..න් ..!? "

මං දොර ළඟම නැවතුනේ කා එකෙන් බැස්සෙ ජිමිනි හ්‍යුන් නිසා .. එයා මාත් එක්ක වැඩිය කතා කරලා නෑ .. ඒත් හ්‍යුන්ගෙ හොඳම යාළුවා එයා වගේම දඟ හිත හොඳ කොල්ලෙක් කියලා මං දන්නවා ..

ජිමිනි හ්‍යුන් බැහැලා පිටිපස්සෙ දොර ඇරලා එළියට ගත්තෙ ටේටෙ හ්‍යුන්ව ..

මං ඉස්සරහට ගියේ හිතට දුකක් දැනෙද්දි .. ජිමින් හ්‍යුන් මම ටේටෙ හ්‍යුන්ව බලා ගන්නෙ නෑ කියලා හිතයිද දන්නෑ ..

" තනියම එක්කන් යන්න පුළුවන් ද ..? "

ජිමින් හ්‍යුන් ඇහුවෙ මං ටේටෙ හ්‍යුන්ව මට වාරු කර ගනිද්දි ..
මම ඒකට ඔළුව වැනුවා පුළුවන් කියලා ..

" හරි , අ මේ කුකී .. ඔයා මෙයත් එක්ක කතා කරන්න .. ඒක තමයි හොඳම .. මේ මගෙ හොඳම යාළුවා වගේම මගෙ සහෝදරයා .. ඒ වගේම දැන් ඔයත් මගෙ මල්ලි කෙනෙක් .. මං කැමති නෑ ඔය දෙන්නා දුක් විඳිනවට .. ඔම්මයි අප්පයි නැති වෙලාවෙ මේක කතා කරලා විසඳ ගන්න .. කොහෙ හරි විසඳුමක් ඇති .. එතකොට ඒක හම්බවෙයි .. "

මගෙ ඔළුවත් අත ගාලා එහෙම කියපු ජිමිනි හ්‍යුන් කා එක අරන් ආයෙත් යද්දි මං ටේටෙ හ්‍යුන්ව රූම් එකට එක්ක ඇවිත් වෙනදා විදිහටම තෙත මාත්තු කරලා ශීට් එක පෙරෙව්වෙ ශර්ට් එක අයින් කරලා ටී එකකුත් අන්දවලමයි ..

|- JJK -

Open Your Heart  🔒❤🔐 ( [ Taekook ] [ COMPLETED ] )Where stories live. Discover now