බොහොම අමාරුවෙන් හොදාන් ආපු ශර්ට් එකේ දෙවනි වතාවටත් කෙනෙක් ඇගෙ හැප්පුන නිසා ඉදුල් වලින් නෑවුනා..
ඉවසීමේ සීමාව අන්තෙමට එද්දී මං ඒ ආපු එකාගේ මූණ දිහා බැලුවා..
ප්ලේට් එකත් අතේ තියන් කටත් ඇරන් මං දිහා බලන් හිටියේ වෙන කවුරුත් නෙමෙයි අර බොයි.. හොබිගේ යාලුවා..
මට ඇති උනෙ මාර තරහක්.. මුන් මේක කරන්නෙ හිතලමද කියන සාදාරණ සැකේ මගේ හිතේ උඩු දුවන්න ගත්තා.
කේන්තිය පිරුණ ඇස් වලින් මං ඒ කොල්ලා දිහා බලන් ඉද්දි දෙකට තුනට නැමිලා මට ආචාර කරපු ඒ කොල්ලා මගේ මූණ දිහා බලලා හිනා උනේ මං ඒ හිනාව අස්සේ අතරමං වෙලා බලන් ඉද්දී..
ජන්කුකා..
කලින් මේ කොල්ලගෙ බඩට ඇනලා ගියපු අනිත් කොල්ලා එහෙමත් නැත්තන් හොබි මූණත් ඇද කරන් අපි දෙන්නා ලගට එද්දී යන්තම් හිනා උන ඒ කොල්ලා මට ආචාර කරා..
හ්‍යුන් තාම ඕක හොද ගත්තෙ නැද්ද..
හරිම අහින්සක විදිහට අපහු හොබි කියන කොල්ලා දිහා බලලා හිනා උන මං ආය වතාවක් අර හිකනලා දිහා බලලා එරෙවුවා..
හෝද ගත්තා පැටියෝ.. ආය කන්න ආවම තමයි ඔයාගේ මේ මෝඩ හිකනල් පැටියා මගෙ ඇගේ කෑම එක හැලුවෙ..
යකෝ ඒක.. පලවෙනියට වැරැද්ද කරපු එකා පැටියෝ මං හිකනලයා..
හෝ ගලා පුප්ප පුප්ප කෑගහපු ඒ කොල්ලා මාවත් පාස් කරන් යන්න හදද්දි මං ඒ වැලමිටෙන් තදින් අල්ලන් එයාව නතර කරා..
ඇයි මොකද.. ගිනිපිටවෙන ඇස් දෙකකින් එයා අහද්දී ඒ දේවල් තඹ සතේකට ගනන් නොගත්ත මං එයාව මං ලගට ඇදලා අරන් බොත්තම් තුනක් විතරක් දාලා තිබුන රතු පාට ශර්ට් එකේ බොත්තම් ටික පැන්නුවා.. කිසි හැලහොල්මනක් නැතුව මගේ ඇස් දිහාම බලන් ඉදපු ඒ කොල්ලා මං ඒ උරහිසෙන් ශර්ට් එක පන්නලා ගද්දි තදින් ඇස් පියාගත්තා..
ඒත් එක්කම ක්‍රියාත්මක උන මං ජිමින්ගෙ උදවුවෙන් මගේ ටීශර්ට් එකේ බොත්තම් ටික ඇරලා මගේ ශර්ට් එක ගලවලා දාලා අර කොල්ලගෙන් ගලව ගත්ත රතු ටීශර්ට් එක ඇගට දාගත්තා..
YOU ARE READING
who cried.. I Didn't Cry ✅TK [Complete]
Truyện Ngắntaekook warning..🗡️ Vmin, Yoonmin Covered by lchi_jk