දින සති ගෙවිලා ගියේ හරිම මන්දගාමි විදිහට.. ජන්කුක්ගේ උනුහුම ඒ මූණ මට මාස ගානකට සති ගානකට දවස් ගානකට පැය ගානකට විනාඩි ගානකට තප්පර ගානකට හැම උදේකම හැම දාවලකම හැම රෑකම මග ඇරුනා.. මං අන්තිමට ජන්කුක්ව දැක්කේ මාස දෙකක විතර කලින් ඊට පස්සෙ මට එයාව දකින්න හම්බුනේ නෑ අඩුම එයාගෙ කටහඩවත් අහන්න අවස්තාවක් මට හම්බවුනෙ නෑ
මේ අතරේ කොල්ලෙක් වශයෙන් නොවිය යුතු වගේම දැන නොගත යුතු දෙයක් මං දැන ගත්තා..
මං ප්රෙග්නැන්ට් වෙලා.. සතුටු වෙන්නද.. මේ මගෙයි ජන්කුක්ගෙයි දරුවා..
ඒත් කොහොමද මං සතුටු වෙන්නේ.. ජන්කුක් මාව බාරගනිද එතකොට එයාගෙ ඔම්මා අප්පා. මගේ ඔම්මා අප්පා..
මේ දේවල් හිත හිත ඉද්දි මට ජන්කුක්ගෙන් කෝල් එකක් ආවා.. මාස ගානකට පස්සෙ මගෙ මැණිකගෙන් කෝල් එකක්.. මට ඒ කටහඩ හරි අහන්න පුලුවන්.. උතුරා යන සතුටකින් මං ඒ කෝල් එක ආන්සර් කරා..
හෙලෝ ටේහ්යුන්..
ජන්කුක් ඔයා කොහෙද ඉන්නෙ.. දන්නවද මං ඔයාව කොච්චර හෙවුවද කියලා.. මට ඔයාට කියන්න වැදගත්_
ටේ මේ අහන්න.. ඔයා මට ආය කෝල් නොකර හිටියොත් හොදයි.. මොකද ඔම්මයි අප්පයි දැනටමත් මට බදින්න කෙනෙක් හොයලා.. අයෑම් සොරි මට මෙහෙම කරන්න ඕනි උනේ නෑ. ඒත් මාව තේරුම් ගන්න බලන්න..
මට කියන්න මොකුත් ඉතුරු නොකරපු ජන්කුක් ෆෝන් එක කට් කරා..
මං ගේ දෙවනත් කරන ගමන් අඩන්න ගත්තා.. දෙයියනේ මං ප්රෙග්නැන්ට් ජන්කුක්.. මේ තමුසෙගෙයි මගෙයි දරුවා.. මං පුලුවන් තරම් හයියෙන් කෑගැහුවා.. හතර වටේම කලුවර වෙනවත් එක්කම මගේ ඇස් පිය උනා..
නැගිටිද්දී මං ඉන්නෙ හොස්පිටල් එකක කියලා අදුර ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.. මගේ අත උඩ නිදාගෙන තාමත් හූල්ලන ජිමින්ව දැක්කම මට ඇති උනේ මං ගැනම කලකිරීමක්.. මං හෙමින් ඒ කෙස් අතරින් ඇගිලි යවද්දී ජිමින් ඇස් ඇරලා පුලුවන් තරම් හයියෙන් කෑගගහා අඩන ගමන් මාව බදාගත්තා..
ආය හංගන්න දෙයක් තිබුනේ නෑ.. ජිමිනුත් ඒ දේවල් ගැන දැනගෙන.. දරුව නැති කරන්න ලැස්ති වෙන්න එපා කියලයි ජිමින් කිවුවෙ.. මාත් කොහොමටවත් කැමති උනේ නෑ මගේ දරුවව නැති කරලා දාන්න.. මට ඕනි උනේ මට විදින්න බැරි උන අප්පගේ ඔම්මගේ ආදරේ එක දරුවෙක්ට හරි දෙන්න මට දැන් ඒක කරන්න පුලුවන්.. මගේම ලෙයින් ඉපදෙන දරුවෙක්ට..
හොස්පිටල් එකෙන් ගෙදර යද්දි බලාපොරොත්තු නොවුන විදිහට ඔම්මයි අප්පයි ගෙදර ඇවිත් හිටියා.. ගෙට ඇතුල් උන ගමන් කනරත්වෙලා යන්න අප්පගෙන් ලැබුන කම්බුල් පාරත් එක්ක මං දැන ගත්තා දැනටමත් වෙන්න තියන හැමදේම වෙලා ඉවරයි කියලා... ඒ නිසාම මං මොකුත් නොකියා එතනම හිටන් හිටියා.
මේ දැම්ම ගිහින් ඕකව අයින් කරලා දාපන්.. අප්පගේ වචනත් එක්ක මට ඇති උනේ මගේ ඇගේ තියන එයාගෙ ලේ ගැනම පිලිකුලක්.. කේන්තිය ඉවසගන්න බැරි උන තැන මං මගේ හිතේ තිබුණ හැමදේම හරිම ආවෙගෙන් කියාගෙන කියාගෙන යද්දි ආය පාරක් ලැබුන කම්බුල් පාරත් එක්ක මං එතනම බිම ඉන්ද උනා..
මාත් වැරදීමක්ද අප්පා..
මං ඔම්මත් අප්පත් දිහා මාරුවෙන් මාරුවට බලලා අහද්දි කටකොනකින් හිනා උන අප්පා කියපු දේවල් නිසා මට මගේ ජීවිතේම එපා වෙලා ගියා..
උබ ඉපදෙන්න ඉන්නවා කියලා දැන ගද්දී අපි පරක්කු වැඩියි.. උබ මෝරලා හිටපු නිසා අයින් කරොත් හනීට ප්රශ්නයක් වෙයි කියන බයටයි මං උබව හදාගත්තෙ.. ඉපදුන දවසෙම මරලා දාපු නැති ඒකෙ වැරැද්ද තමා මේ..
අප්පා කියද්දී ඔම්මා කිසි දෙයක් නොකියා බිම බලාගත්තා..
ඔලුව දෙපැත්තට වන වනාම ලේ වැක්කෙරෙන දත් ටික පෙන්නලා මහා හයියෙන් හිනා උන මං හිනාවෙවීම ඒ ගෙදරින් එලියට ආවා..
පලයන් ආය එන්න එපා.. අදින් පස්සෙ මට දරුවො නෑ..
ඒ තමයි මගේ අප්පගේ අවසන් වචන ටික.. එලියෙන් ඉදන් මේ හැමදේම දිහා කර කියාගන්න දෙයක් නැතුව බලන් හිටපු ජිමින් අඩ අඩාම මාව තුරුල් කරගත්තා..
මං වැරදීමක් ජිමින්.. මං මහා හයියෙන් හිනාවෙවී කියද්දී ජිමින් තවත් තදින් මාව තුරුල් කර ගත්තා..
..............................................................
ලේන්සුවක් තියනවද.. මට දෙන්නකෝ.🙂🤧Love you..
පරිස්සමින් ඉන්න
Hopegirl🌏👑
YOU ARE READING
who cried.. I Didn't Cry ✅TK [Complete]
Short Storytaekook warning..🗡️ Vmin, Yoonmin Covered by lchi_jk