Nine 🤗🙏❤️

1.4K 273 45
                                    

කුකි අප්පා..

කොහොමද මගේ පුංචි රෝස මල..

මං හොදින් කුකි.. ඔයා මට ආදරෙයි නේද.. චොහි ඔය දේ ඇහුවේ ගොඩක් වෙලාවට එයාට මොනව හරි ඕන උනාම ඒ නිසාම මං හිනාවෙවී ඒ දිහා බලන් හිටියා..

ඕන දෙයක් මගේ ප්‍රින්සස්.. ඔයා වෙනුවෙන් ඕන දෙයක්.. ජන්කුක් චොහිව තුරුල් කරන් ඇස් පියාගෙන කිවුවා..

අනේ කුකි එහෙනම් මාව ජිමින් අප්පව බලන්න එක්ක යන්නකෝ..
චොහි හරිම හුරතල් විදිහට කියද්දි මං බැලුවේ ජන්කුක් දිහා ජන්කුකත් ඒ එක්කම මං දිහා බැලුවා.. චොහි ජිමින්ට ආදරෙයි හුගක්.. ඒක ජන්කුක් වගෙම මාත් දන්නවා.. ඒත් දැන් ඒ චොහි කිවුවේ ජන්කුක්ගෙ හිත තවත් කැඩෙන දෙයක්..

යමු මැනික... ජන්කුක් මං දිහා බලන් කියද්දී මං ඉක්මනට අහක බලාගත්තා.. මොකද ඒ බැල්ම ඉස්සරහා මං අන්ත අසරණයි..

චොහිව මගේ ඔඩොක්කුවෙන් තියලා ජන්කුක් කාර් එක ඩ්‍රයිව් කරා..

පැය භාගයක් විතර යද්දී අපිට ජිමින්ගේ ගෙදර යන්න පුලුවන් උනා..

වෙනදට වඩා හරිම කලබලකාරි බවක් මට ඒ ගේ දැක්කම ඇති උනා..

චොහි උඩ පනින්න ගද්දී ජන්කුක් කාර් එක ගේට් එකෙන් ඇතුලට දැම්මා..

කාර් එක නවත්තපු ගමන් කාර් එකෙ දොර ඇරගෙන දිවපු චොහි කාර් එකේ සද්දෙට එලියට ඇවිත් හිටපු යුන්ගිගෙ ඇගට පැන්නා.. යුන්ගිගෙ හාදුවලින් නෑවුන චොහි ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගද්දි ජන්කුකයි මායිත් එතනට ගියා..

යුන්ගි අප්පා කෝ ජිමිනි.. චොහි හරිම හුරතල් විදිහට අහද්දී යුන්ගි හිනාවෙවි චොහිවත් එක්කන් ගේ ඇතුලට ගියා..

ජිමින් එතකොට සෝෆා එකේ නිදාගෙනයි හිටියේ.. යුන්ගිගෙ අතින් පැනපු චොහි දුවන් ගිහින් ජිමින්ගෙ මූණ පුරා හාදු තියද්දි ජිමින් ඇස් ඇරියා.. චොහිව දැක්කයින් පස්සෙ ජිමින්ගේ මූණ පුරා ලස්සන හිනාවක් ඇදුනා.. සෝෆ එකෙන් නැගිටලා චොහිව එයාගෙ අත් අතරට ගත්ත ජිමින් ඒ මූණ පුරාම හරිම කලබලෙන් හාදු තියන්න ගත්තා...

මගේ මැනික. අප්පව බලන්න ආවද.. ජිමින් චොහිව තදින් බදාගෙන අහද්දී චොහි මැශින් එක වගේ ඔලුව වනන්න ගත්තා..

who cried.. I Didn't Cry ✅TK [Complete]Where stories live. Discover now