Bonus😏🔘Ten

1.7K 318 147
                                    

ටේ ඔයා කොහෙද යන්නේ... උදේ පාන්දර ඇග මැලි කඩන ගමන් ඇස් පොඩි කර කර ඇදේ කෙලින් උන ජන්කුක් ටේහ්‍යුන් කලබලෙන් ඇදුම් ඇදගන්න දිහා බලන් ඇහුවා..

ජිමින්ට අමාරු වෙලා එයාව හොස්පිටල් අරන් ගිහින්.. ටේහ්‍යුන් ජන්කුක් දිහා බලන්න මහන්සි නොවි තමන්ගේ ටී ශර්ට් එක ඇගට දාගන්න ගමන් කියද්දී ජන්කුක් තමන්ගෙ ඇස් සම්පුර්ණයෙන් ඇරලා ඇදෙන් පැන්නා..

ඔහොම ඉන්න මාත් එනවා.. ජන්කුක් කඩි මුඩියේ තමන්ගේ නිරුවත තුවායෙන් වහන් බාත්රූම් එක ඇතුලට දිවුවා..

ඔයා එනකන් මට ඉන්න බෑ ජන්කුක් මං යන්න ඕනි.. ඔයා චොහිවත් ලෑස්ති කරන් හිමීට එන්න.. ටේහ්‍යුන් බාත්රූම් එකේ දොරට ගගහා කියලා ඉක්මනට රූම් එකෙන් එලියට ගියා..

ටේ ඉන්න.. මූණ හෝද ගන්න විතරයි තියන්නේ..

ටේ.. ඔයා ගියාද.

ආශ්.. ජන්කුක් කටේ ගහන් හිටපු බ්‍රශ් එක වතුරට අල්ලලා ඒක පැත්තකින් තියලා කට හෝදගන්න ගමන් මූණත් හොද ගෙන පුලුවන් ඉක්මනින් එලියට ආවා..

නිල් පාට ශර්ට් එකකුත් නිල්පාට ඩෙනිමකුත් ඇදගත්ත ජන්කුක් පුලුවන් ඉක්මනින් චොහිගෙ රූම් එකට ගියා..

නිදාගෙන ඉන්න විදිහට ඇහැරවන්න දුක හිතුනත් ජන්කුක් චොහි ලගට ගිහින් ඒ නලලට පුංචි කිස් එකක් තියලා චොහිව වඩන් තමන්ගෙ පපුවට හේත්තු කර ගත්තා..

රත්තරං නැගිටින්න මැණික.. ජනකුක් ඒ නලලට තොල් තදකරන් කියද්දී චොහි තව තවත් ජන්කුක්ට තුරුල් උනා..

මැණික.. ටේ අප්පා ගියත් එක්ක අපිත් යන්න ඕනි නැගිටින්න කෝ ඉතින්..

ම්ම්.. කුකී.. අද ස්කූල් නෑ මෝඩයෝ.. චොහි නිදිමතේම කියද්දී ජන්කුක් යන්තම් හිනා උනා..

මගේ සුටි බොලෙට දැන ගන්න ඕනි නැද්ද ස්කූල් නැති දවසෙත් අප්පා මේ උදෙම ඇහැරවලා ඔයාව එක්කන් යන්නෙ කොහොද කියලා ම්ම්..

ම්ම්.. කෝද යන්න හදන්නේ.. ඒ වචන වලට යන්තම් තමන්ගේ ඇස් අරින්න දගලපු චුටි කෙල්ලෙව වඩන් ජන්කුක් බාත්රූම් එකට ගියා..

who cried.. I Didn't Cry ✅TK [Complete]Where stories live. Discover now