කලබලකාරි දවසක ආරම්භයක්.. චූටි දෝණිව ස්කූල් එකෙන් දාලා මං පුලුවන් ඉක්මනින් ඔෆිස් එකට ආවේ මැනෙජර් කාරයා මටත් නොකියා මීටින් එකක් ලෑස්ති කරලා තිබුණ නිසා..
මං ගැන කියනවනම් මං කිම් ටේහ්යුන්.. මං දැන් යන්න හදන්නෙ මගේම කම්පැනි එකට.. මගේ චුටි දූ එයා චෝහි කිම් චෝහි..
පුලුවන් ඉක්මනින් ඔෆිස් එකට ඩ්රයිව් කරපු මං කාර් පාර්ක් එකෙන් කාර් එක පාර්ක් කරලා ඇතුලට දිවුව..
ඔහ් මිස්ටර් ජන් මං පරක්කුද..
නෑ සර් දැන් විනාඩි දහයකට කලින් විතර තමයි ජන්කුක් සරුත් ආවේ..
මොකද්ද ජන්කුක් කියලද කිවුවෙ..
ඔව් සර් ජන්කුක් සර් තමා කම්පැනි එකත් එක්ක සම්බන්ද වෙන්න යෝජනාවක් ගෙනත් තියන්නේ.. මං ටිකක් නෙමෙයි ගොඩක් පුදුම උනා.. ජන්කුක් එයාද එතකොට.. ඒත් ඇයි__
ජන්කුක් කියන්නෙ මගේ පලවෙනි ආදරේ.. බිස්නස් පස්සෙ දුවපු ඔම්මා අප්පා දෙන්නගෙන් නොලැබුන ආදරේ මට දුන්න කෙනා.. එයා මට හම්බුණෙ යුනිවසිටි එකේදි..
5year ago..
ටේ බෙයර් අද ඔයා හරි අමුතුයි මොකද උනේ.. කොහෙන්ද ඉදන් දුවන් ආපු ජිමින් ටේගෙ කර උඩට පැනින ගමන් අහද්දී ටේහ්යුන් නොවැටි බේරුනේ පූරුවේ පිනකට..
යහ් චිමි කොන්ද කඩන්නද හදන්නේ..
හී හී ඉතින් මගෙ සුදු බොලේ ඔයාගෙ කොන්ද කැඩුනෝත් ඒකත් ලග ඉන්න වෙන්නෙ මට නේ.. ජිමින් තමයි මට දෙවියො සැනසීමකට කියලා එවපු එකම කෙනා.. මාත් එක්ක හිනා වෙන්න මාත් එක්ක අඩන්න මේ හැමදේකටම මාත් එක්ක හිටියේ මගේ මෝචි බෝලේ විතරයි.. මගේ පුංචි වෙනසක් උනාත් එයාට හරි ඉක්මනට තේරුම් ගන්න පුලුවන්.. ඒ අතරම් අපි එකිනෙකාට බැදිලයි හිටියේ.. ආදරේ කරන දෙන්නෙක් අතර තියනවටත් වඩා ලොකු බැදීමක් අපි දෙන්නා අතර තිබුණා.. නමක් දෙන්න බැරි බැදීමක්..
ටේ ප්ලීස් ඔයා ප්රශ්නෙක නේද.. අයියෝ ගෙදර ගියපු ටිකට මොකක් හරි ප්රශ්නයක් දාගත්තද..
ජිමින් හෙට මගේ බර්ත් ඩේ එක..
ආශ් මෝඩයා ඇයි ඔයා ඒක මතක් කරේ ඔයා දන්නවද ඔයාගෙ බාර්ත් ඩේ එක අමතකයි වගේ ඉදලා මං ඔයාව සප්රයිස් කරන්න හිටියේ.. ජිමින් මූණ අකුලන් කියද්දි මං ජිමින්ගේ කම්බුල පොඩ්ඩක් මිරිකලා රතු උන තැනට පුංචි කිස් එකක් දුන්නා..
YOU ARE READING
who cried.. I Didn't Cry ✅TK [Complete]
Historia Cortataekook warning..🗡️ Vmin, Yoonmin Covered by lchi_jk