ඔයාට මට කියන්න තිබුණා ජන්කුක්..
ඔහ් බබා ඉතින් මං ඔයාව සප්‍රයිස් කරන්නයි හැදුවේ..
මං ගොඩක් සප්‍රයිස් උනා ජන්කුක් දැන් ඔයාට සතුටුද..
අයියෝ අයියො මගෙ සූටි මැනිකට තරහා ගිහින්ද..
යනවා පැත්තකට.. මං ජන්කුක්ව පැත්තකට තල්ලු කරලා දලා එලියට ආවා..
ජන්කුක් මගෙ ජීවිතේට ආයෙ ආවා..
චොහිගෙ අවුරුද්දෙ උපන්දිනෙට ජිමිනුයි මායි කොරියන් ආවා.. ජිමින් මගේ ඒන්ජල් එයාගෙම දරුවට වගේ මගෙ චොහිව හදාවඩා ගත්තා..
කොරියාවට ඇවිත් දෙවනි දවසෙ ජන්කුක් ජිමින්ගේ ගෙදර ආවා.. මං ආව බව දැනගෙන.. ජිමින් ජන්කුක්ට හොදටම ගහන්න ගත්තා.. මට ඒ කිසිම දේකට විරුද්ද වෙන්න හයියක් තිබුනෙ නැ.. ඇදගෙන වැටෙනකන් ජිමින් ජන්කුක්ට ගැහුවා.. ජන්කුක් නිකමටවත් ජිමින්ට ගහන්න ගියෙවත් ඒ පාරවල් නවත්ත ගන්න ගියෙවත් නෑ..
මගේ දරුවා කෝ.. ජන්කුක්ගේ වචනත් එක්ක ආය පාරක් ගහන්න උස්සපු ජිමින්ගේ අත එතනම ගල් උනා..
ඒත් එක්කම යකෙක් වැහුනා වගෙ ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලලා කෙලින් කරපු ජිමින් ඒ කම්බුල් දෙකට මාරුවෙන් මාරුවට ගහන්න පටන් ගත්තා..
ඔය ජරාකටින් කොහොමද උබ ඒක ඇහුවේ කියපන්.. ජිමින් හෝ ගලා ආයෙමත් ජන්කුක්ට ගහන්න ගද්දී ඊට ඉස්සර උන මං ජිමින්ව ඈත් කරලා ජන්කුක්ගෙ කණට එකක් ගැහුවා..
මට සමාවෙන්න මැණික.. ජන්කුක් කියද්දී මං මහා හයියෙන් හිනා වෙන්න ගත්තා..
කටවහපන් ජන්කුක් කටවහපන්.. මං ආයෙත් ඒ කම්බුලට පාරක් ගහලා ගෙට යන්න හදද්දි ඇහුන කටහඩ නිසා මං එතනම ගල් උනා..
අප්පා.. ඔව් ඒ මගෙ නමට විතරක් අප්පා.. කොහෙදෝ ඉදන් ඇවිත් මගෙ කණට එකක් ගැහුවේ ඒ පාර දරාගන්න බැරුව මං ඇදගෙන වැටෙද්දී..
යන්තන් අවුරුද්දක් උන මගේ චූටි මැණික දනගගා වැටි වැටි මං ගාවට ඇවිත් මගෙ කදුලි පිහදවුවේ අඩන්න අපා කියන ගමන්.. තාම හරියට ඇවිදගන්නවත් බැරි මගේ සූටි කෙල්ලව බදන් මං අඩද්දි මං ගාවට ආපු ජිමින් දරුව වඩාගෙන මාව කෙලින් කරා.. ලේ පෙරාගෙන දරුවා ගාවට ආව ජන්කුක් දරුව දිහා බලලා හෝ ගලා අඩන්න ගත්තා.. දරුවගේ මූණවත් බලන්න නොදුන්න මගේ චිමි චොහිගේ නලලට හාදුවක් දීලා චොහිව එයාගෙ ඔම්මට දීලා ගෙදර දොර ලොක් කරා..
ප්ලීස් ජිමින් ඒ මගේ දරුවා.. ජන්කුක් ජිමින්ගේ කකුල් දෙක අල්ලන් කෑගහද්දී පහලට නැමුණ ජිමින් ආයෙමත් පාරක් ඒ කම්බුලට පාරක් ගැහුවා..
උබේ දරුවෙක් මෙහේ නෑ.. ඒ මගෙ දරුවා..
ජිමින් ආවෙගෙන් කෑගහද්දි මෙච්චර වෙලාවක් මේ දේවල් බලන් හිටපු අප්පා ජිමින් ලගට ඇවිත් ජිමින්ගේ කම්බුලට එකක් ගැහුවා.. දත්මිටි කාගෙන අතමිට මොලව ගත්ත චිමි එයාව පාලනේ කරන් ඉන්න ලොකු උත්සහයක් ගත්තා...
ජිමින්ව අත ඇරලා මං ගාවට ආව අප්පා අයෙමත් මගේ කම්බුලට එකක් ගහලා මහ හයියෙන් කෑගහන්න ගත්තා..
දරුවත් අරන් වරෙන් යන්න..
මං ඔයාගෙ සෙල්ලම් බඩුවක් නෙමෙයි අප්පා.. ඔයාට දරුවො ඕනි නෑ කිවුව නේ මටත් අප්පා කෙනෙක් ඕනි නැ.. ආය පාරක් මගෙ කම්බුලට පාරක් වදිද්දී දාරා ගන්න බැරි නිසාම මං බිම ඉද ගත්තා..
අප්පගෙ සංඥාවත් එක්ක කොහෙන්ද ඉදන් දුවන් ආපු හැඩිදැඩි පිරිමි ටිකක් මාව වට කරලා අල්ල ගද්දී ජිමින් මහා හයියෙන් කෑගහන ගමන් මං ගාවට දුවගෙන ආවා..
අත ඇරපන් ටේව.. මගේ ටේව අත ඇරපන්.. එකෙක්ගෙ අතින් පාරක් එක්ක ජිමින් ඈතට විසික් වෙද්දි.. අප්පත් එක්ක දොර ගාවට ගියපු තවත් උන් ටිකක් ඒ දොර කැඩෙනකන් දොරට ගහලා ඇතුලට ගිහින් මගේ දරුවවත් අරන් මාවත් ඇදලා අරන් වාහනේකට දාගත්තා.
දරුවව අත ඇරපන්.. අපිට අපේ පාඩුවෙ ඉන්න දීපන්..
ජිමින් කකුලකුත් අල්ලන් මගේ පස්සෙන් දුවන් එද්දි ඇස් වල කඳුලු පුරවන් මං ඒ දිහා බලන් හිටියෙ සටන් කරන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නොතිබුන නිසා..
:*-;*-:*-;:*-;:*-;:*-;:*-;:*-;:*-;:*-;:*-;:*-;:*-;:
🤧💔 හෙට එන්නම් නැන්දේ..❤️
තරහා නොගෙන ඉන්න වයසට යයි..😁❤️
Bye
Love you.. පරිස්සමින් ඉන්න..
Hopegirl🌏👑
YOU ARE READING
who cried.. I Didn't Cry ✅TK [Complete]
Short Storytaekook warning..🗡️ Vmin, Yoonmin Covered by lchi_jk