පෙර දිනක සිතුවමින් සැරසුණු අද සැරසී ඇත්තේ රුධිරයෙනි. ප්‍රාණය සමග යුන්ගිගේ මුවේ ගැටුණු දෙතොල් සීතල නිසා ගල්ව ඇත.
යුන්ගි තම පෙම්වතාගේ නිසල සිරුර අසල දණ ගසාගෙන බලා සිටියේය.
දින තුනකට පසුව ජිමින්ගේ භූමදානය සඳහා පැමිණ සිටියේ යුන්ගි පමණි. මූසල වැස්ස සමගින් සොහොන්පල්ලා මල සිරුර වළ දමන ආකාරය යුන්ගි බලා සිටියේය. සිහින් දිය බිඳු සමගින් උණුසුම් කඳුළු ඔහුගේ මුහුණේ ගලා යයි. දැඩි සුළඟට අමුතු අයුරින් රඟ දෙන ගස් අතරේ හඬනා උලමා ඔහුගේ සිත තවත් මූසල කරයි. වැළලී යන පෙට්ටිය මත ඇති පස් කැට වැසි ජලයට සේදී වළ තුළටම යන අයුරු බලා සිටි යුන්ගි සුසුමක් හෙළා පස් අහුරක් ගෙන වළ තුළට හැඟීම් විරහිතව අත හැරියේය. ඇඟිලි තුඩු අතරින් ගලා ගිය පස් බිඳිති වසා දමන්නේ සිතුවමින් හැඬ කළ තමාගේ ප්‍රේමය බව සිහියට නැගුණද ඔහු සිත දැඩි කරගත්තේය.
ජිමින්ගේ මරණ සහතිකය කියනා පරිදි දරාගත නොහැකි මානසින පීඩනය හේතුවෙන් තරුණයා සියදිවි නසාගෙන ඇත.
යුන්ගි හඬන්නට තැත් කළද ඔහුගේ සිත පිරී ඇත්තේ හිස් බවකිනි.
වයින් පුසුඹ නටනා කාමරය තුළ රුධිරය වැගිරුණ ජිමින්ගේ වස්ත්‍ර වැටී ඇත. තමාගේ පින්සල් හා කැන්වස සියල්ල ඇකිළූ යුන්ගි ඒවා ගබඩාවට තල්ලු කර දමා මතකයක් අමතක කරන්නට නිරර්ථක උත්සාහයක යෙදෙන්නට විය.
YOU ARE READING
නග්න සිතුවම් || [short story]
Romanceඅඩ වශයෙන් පියවුණු දෑසින් යුතු නග්න නිරූපණ ශිල්පියෙකුගේ සහ ඔහුගේ සිත්තමක් කිරීමට පැමිණි සිතුවම් ශිල්පියාගේ වෙළුණු දෑඟිලි වල කතාව. Nudity Is An Art පරිණත මනසකින් යුතු නම් වයස අදාළම නැති බැවින් කියවන්න පුළුවන් අය කියවන්න.