15.

492 174 19
                                    

සිතුවම් අතරින් වියැකී ගිය තීන්ත පැල්ලම් සහිත සිතුවමක් අතට ගත් ජිමින් එය තමාගේ නාසයට ලං කළේය.

ඔහු ඇඳ සිටියේ යුන්ගිගේ සුදු කමිසයක් පමණි. ජිමින්ගේ දිගු ⁣දෙපා යුන්ගිගේ තියුණු දෑසට අසුවිය. ඔහු එදෙස බලා සිටියේ සිතුවමට නගනවාද, එසේත් නොමැතිනම් සිතුවමට නැගීමට පෙර පැල්ලම් ඇති කරනවාද යන බැල්ම සහිතවයි.

දේවදාර ලීයෙන් කළ නිවස තුළ හිරු පුසුඹ සමඟ අලුත පෙරූ වයින් වල සුගන්ධය මුසුව අමුතු ආකාරයේ හැඟීමක් ඔවුන් දෙදෙනාට ලබා දිණි.

පින්සලක් අතැතිව බංකුව අසල සිටි යුන්ගි අසලට පා තැබූ ජිමින් ඔහුගේ එහා පසින් දණගසා ගත්තේය.

යුන්ගිගේ කලවයක් මතින් හිස තැබූ ඔහු මෘදු ලෙස යුන්ගි අඳිමින් සිටි සිතුවමට දෑස යැවීය.

'ඒක... හරිම... ලස්සනයි...' ඔහුගේ කෙඳිරීම සමඟ පිටවූ උණුසුම් සුසුමක් දෙපා අතර ගැටීමෙන් යුන්ගිගේ සිරුර උද්දීපනය විය.

පින්සල තමා එහාපසින් තැබූ යුන්ගි ජිමින්ගේ හිසට නැඹුරුව හිස සිපගත්තේය.

ලෑල්ලෙන් තැනූ පොළොවට තද වූ ජිමින්ගේ දෙදණ රතු පැහැයට හැරෙමින් වැලි කැට ඔහුගේ දෙපා ආක්‍රමණය කරන්නට විය.

'හ්‍යුන්ග්... මගේ හදවත... ඒක ගැහෙනවා... හුඟක් හයියෙන්...'

යුන්ගිගේ මුවගට සිනහවක් නැගී ඔහු ජිමින්ගේ දෙතොලට නැඹුරු වී ඒවා තමාගේ තොල් අතරට මැදි කරගත්තේය.

ජිමින්ගේ පීච් වැනි දෙතොල් යුන්ගිගේ දත් වලින් මෘදුව සැපෙද්දි නිරූපණ ශිල්පියාගේ අතක් සිතුවම් ශිල්පියාගේ පුද්ගලික පෙදෙසට සංචරණය කළේය.

'ඔයාගේ හදවත ගැහෙන්නේ කා වෙනුවෙන්ද පාර්ක්?' සිප ගැනීම අතරට මිමිණූ යුන්ගි තමාගේ දෑතින්ම ජිමින්ගේ මුහුණ අල්ලා ගත්තේය.

'ඒක ගැහෙන්නේ ඔයා වෙනුවෙන් හ්‍යුන්ග්...'

නග්න සිතුවම් || [short story]Dove le storie prendono vita. Scoprilo ora