18.

429 148 48
                                    

මතකයන් ගෙන දෙයි වේදනා
පුරවයි හිස හිස්බවකින්
දැනෙනා හැඟුමන් ගලායයි
නොනවතින නදිය මෙන්

තනිකම හිත පුරවාලයි
කළු පැහැය පමණකි පෙණෙනුයේ
වදනක් කියනු මැන මුදවාගන්නට
මා මේ අඳුරු හිස්බවින්

දෙසවන් පිරී ඇත හෝ හඬින්
නොදනී අන් වදන් මොනවාද කියා
දෙනු මැන ඔබේ දෑත මට
ගැලවෙන්න මේ තනිකමින්

ජිමින්ගේ සිහින් ගායනයෙන් කාමරය පිරී යද්දී යුන්ගි දෑස පියාගෙන එයට සවන්දුන්නේය.

තනිකම.

ඔහු එම වදන දැන සිටියේය.
එහි අර්ථය, එහි වේදනාව ඔහු දත්තේය.

මේපල් ගසේ පත්‍ර තාලයට සුළඟට නැළවෙයි. කමිසයකින් පමණක් සැරසී ලී ජනේලය අසල දණගසා ගත් තරුණයාගේ පිරිපුන් උකුලේ හැඩය කැපී පෙන්වමින් කමිසය ඔහුගේ කලවයට කඩා හැලෙයි.

මද රක්ත වර්ණ මේපල් පත්‍රයක සිරිගත් තරුණයාගේ දෙතොල දෙස යුන්ගිගේ කාලවර්ණ ගැඹුරු දෑස් ඇදී යයි.

සිහින් ගෙල හරවා හැරී බලන ජිමින්ගේ දෑස් ආකාසයේ නිල් පැහැය සොරාගත්තාක් වැනිය.

සුළඟට නැළැවෙන මේපල් පත්‍ර සමගින්ම ජිමින්ගේ හිසකේද තාලයකට නැළැවෙයි.

ලී පො⁣ළොව මත විසිරුණු පින්සලින් ඇදි සිත්තමක් වන් සුන්දර තරුණයා වෙත දෑස් හෙළු යුන්ගිගේ ගැඹුරු හඬින් කාමරය පිරිණි.

විය නොහැකි වුවත් ඔබ ලොවේ හිරු
විය හැකිය මට කුඩා තරුවක්
අන්ධකාරය මැකිය නොහැකි වුවද
තනිකම මකා මා ඔබ සමඟ ඉන්නම්

තනි නොකර ඔබව කිසිදා
මගේ දෑත මා ඔබට දෙන්නම්
වසන්තයේ නැළැවෙන මේපල් පත්‍රය
වන්නම් මා ඔබේ මේපල් ලී කඳ

පිරිසිදු අහසේ නිල් පැහැ දෑසින්
මා දෙස බලනා දේවදූතය
නා දළු වන් ඔබේ දෙතොලට
දිය හැකිද මා හට සුමුදු මදහස

චන්ද්‍ර රශ්මියෙන් නැහැවුණු රැය තුළ
ඔබේ ගත මට හිමි වස්තුව වුවද
ගත කරනා දිවි ගමන තුළ
ඔබේ සිත හිමි මා හට පමණය

________________
- පබැඳුම සසොරි ලිසාරා -

(කතෘ අයිතිය සුරකින්න. එකා යකා ⁣කර නොගන්න)🙄

මෙම කතාව කපා වෙනත් තැනක ඇලවීමෙන් (කොපි කිරීමෙන්)
ඔබේ මරණය සිදු විය යුත්තේ පිහියෙන්ද කඩුවෙන්ද යන්න තීරණය කිරීමට ඔබට අවස්ථාව ලබා දෙමි.

🗡 or 🔪

නග්න සිතුවම් || [short story]Où les histoires vivent. Découvrez maintenant