9.

651 199 50
                                    

අඩ වශයෙන් නිම කරන ලද සිතුවම දෙස අඩවන් දෑසින් වැසූ යුන්ගි තමාගේ අසුනින් නැගිට ඉදිරියට පිය නැගීය.

බිම දණගසාගෙන සිටි ජිමින් එතැනින් සෙලවීමට තැත් කරන විට යුන්ගිගේ මුවගට සිනහවක් නැගිණි.

'දණගහගෙනම ඉන්න... කිටන්...' යුන්ගිගේ ගැඹුරු හඬ ජිමින්ගේ දෙසවන් පසාරු කරගෙන සිරුර හරහා යන්නට විය.

ඔහු දෙදණ මත සිටිමින් යුන්ගි තමා අසල බිමින් හිඳගන්නා ආකාරය නැරඹීය.

ඔවුන් දෙදෙනාගේ වර්ණ දෙකක දෑස් එකිනෙක මුණ ගැසිණි. මුවින් වදනක් හෝ  පිට නොවුණද ඔවුන්ගේ දෑසින් වදන් පිටවිය.

යුන්ගි තමාගේ දිගු ඇඟිලි සහිත ශක්තිමත් දෑත් ජිමින්ගේ නග්න දෙපා මතින් මෘදුව ඇද ගියේය.

ඔහුගේ එක් අතක් ජිමින්ගේ පපුව මතට ඇදී ගොස් තනපුඩුවක් ඇඟිලිතුඩු අතරට මැදි විය. 

ජිමින්ගේ මුවින් සිහින් කෙඳිරියක් පිට වෙද්දී යුන්ගි තමාගේ අතින් ඔහුගේ කලවා පිරිමදින්නට විය.

'හ්‍යුන්ග්... මට... අහ්...' ජිමින්ගේ කෙඳිරීම් වලින් කාමරය පිරී යද්දි යුන්ගි සෙමෙන් ඉදිරියට නැඹුරුව ඔහුගේ දෙතොල් තමාගේ දෙතොලට මැදි කරගත්තේය.

නග්න සිත්තමක් කාමරයේ බිම නිසලව වැතිර තිබිණි. සිතුවමේ නිරූපණ ශිල්පියාගේ දෑත් සිත්තරාගේ දෑඟිලි සමඟ වෙලෙනා විට මිදුල මධ්‍යයේ වූ මේපල් ගසේ කොළ සර සර හඬකින් සෙළවිණි.

එය කාමය නොවීය.
එය රාගයද නොවීය.
ප්‍රේමයද නොවූ එය අහිමි වූ උණුසුම වෙනකෙකුගේ දෑතින් සොයනා තරුණයින් දෙදෙනෙකුගේ දෙහදක් විය.

__________

මරණ සහතිකය

1. පරිශීලක නාමය (username)
2. වයස (age)
3. මරණයට හේතුව (cause of death)

ඔන්න ඕකත් පුරවලා යන්න ළමායි.

🙄

නග්න සිතුවම් || [short story]Donde viven las historias. Descúbrelo ahora