💕 Chapter 08💕

1K 216 26
                                    

💜️ ප්‍රැක්ටිස් ඉවර වුනාට පස්සෙ මන් පොඩ්ඩක් ඈතට ගියෙ කෙනෙක්ට කෝල් එකක් ගන්න කියලා.මන් එයාව කවදාවත් දැකලනම් නෑ .හැබැයි මාස හතරක ඉදන් අපි දෙන්න කතා කරනවා.ලංකාවට ආව එකේ එයාව හම්බවෙන්න කැමැත්තක් තියෙනවා .එදා රෑ එයා අහම්බෙන් වගේ මට කතා කරේ.දැන් මට එයත් එක්ක කතා කරන්නෙ නැතුව ඉන්නම බෑ වගේ .දවසට එක සැරයක් හරි කතා කරන්න ඕනේ.
මන් එයාත් එක්ක කතා කරන්නෙ මගෙ අනිත් සිම් එකෙන්.ඒක මගෙ නමට ගත්ත සිම් එකක් නෙමේ.හරබොජිගෙ ID එකට ගත්ත එකක්.මන් තමා ඒක යූස් කරන්නෙ.මන් රෑහිත් එක්ක හැමදාම වගේ කතා කරා.එයාගෙන් තමා මන් ලංකාව ගැන දැන ගත්තෙ.එදා මන් නිදාගන්න යන්න හදද්දිම තමා එයාගෙන් කෝල් එක ආවෙ.ඇත්තටම එයාට ගොඩක් ලස්සනට සින්දු කියන්න පුලුවන් .මන් එයාට පලවෙනි සැරේ ගත්තට එයා ආන්සර් කරේ නෑ .මොකක් හරි වැඩකද දන්නෙ නෑනේ.මන් ටික වෙලාවක් ඉදල ආයෙත් එයාට කෝල් කරා.මන් ඉතින් මාස් එක දාන් නෙමේ හිටියෙ .ඕක දාන් ඉන්න බෑ අනේ හැම වෙලාවෙම.එපා වෙනවා.හුස්ම ගනන්වත් බෑ නිදහසේ.ඒ වෙලාවෙ වුනේ මන් හිතපු නැති දෙයක්.කවුද මන්දා කෙල්ලෙක් මාවත් පෙරලගෙන බිම වැටුනා.

හොද වෙලාවට ඔලුව වැදුනෙ නෑ .ඒ කෙල්ලගෙ කොන්ඩෙ මගෙ මූණෙ.එයා ඔලුව උස්සල මන් දිහා බැලුවා.එයා ශොක් වුනාද කොහෙද ?ඔව් ඉතින් මන් වගේ  handsome,කියුට් ,හොට් කොල්ලෙක් දැක්කම එහෙම තමා.ඇත්තටම ඒ කෙල්ල ගොඩක් ලස්සනයි.සිම්පල් මේකප් එකක් මූණට දාල තිබ්බෙ.ගාල තිබ්බ ලිප්ස් ටික එක නිසා තොල් මාරම ලස්සනට පේනවා.ඒ කම්මුල් අම්මෝ මාරම කියුට් අනේ.මිරිකන්න හිතෙනවා.එයාගෙ ඇස්.ඒ ඇස්වල තිබ්බෙ අමුතුව ලස්සනයි .ඒ ඇස් වලට  අම්මෝ කොල්ලෙක්ව පිස්සු වට්ටන්න පුලුවන් .ඒ තොල් දැක්කම මොකක්ද වගේ වෙනවා.
ආශ් ජේකේ මොනාද මේ හිතන්නෙ.මොනාද වෙලා තියෙන්නෙ .කම්මුල් මිරිකන්න හිතෙනවා.මොනාද මේ හිතන්නෙ.ඔයානම් දැන් හොදටම නරක් වෙලා.ඇයි මෙයා නැගිටින්න නැත්තෙ.අප්පටසිරි කොහෙ නැගිටින්නද ඉතින් මන් මෙයාගෙ ඉන වටේ අත දාගෙනනෙ ඉන්නෙ.කෙල්ල ඉතින් කොහොම නැගිටින්නද?ඒත් එයාගෙ ඇස් ඒ දිහාමයි බලාගෙන ඉන්න හිතෙන්නෙ.මගෙ ඇස් එයාගෙ ඇස් වලින් අහකට ගන්න හිතෙන්නෙ නෑ .මන් එයාගෙ ඇස් දිහා කොච්චර වෙලා බලන් හිටියද කියන්න මන් දන්නෙ නෑ .මට ඒ වෙලාවෙ දැණුනෙ හරියට වෙලාව නැවතිලා වගේ .වෙලාව යනව තේරුනෙ නෑ .එයාගෙ perfume එක  මාව පිස්සු වට්ටනවා.එයාගෙ කොන්ඩෙන් ආවෙ sweet  සුවදක්.

💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed )Where stories live. Discover now