රූහි ❣️
❣️මම රුහානි.යාලුවොනම් කියන්නෙ රූහි කියලා. මට වයස 24.මන් ගැන කියනම් ඇත්තටම මම ආමි කෙනෙක්.මගෙ bais නම් ජිමින් ඔප්පා.මන් එයාට ගොඩක් කැමතියි 😁😁😁😁.වැරදියට හිතන්න එපා හොදේ.කැමතියි කිව්වෙ ෆෑන් කෙනෙක් විදිහට .මන් ගැන තාම කිව්වෙ නෑ නේද?මන් තමා අපේ ගෙදර ඉන්න එකම ගෑණු ලමයා.ගෑණු ලමයා කිව්වට එකම ලමය නෙමේ.මට ඉන්නව අයියා කෙනෙක්.එයා ගැන පස්සෙ කියන්නම්කෝ.අපේ අම්මගෙයි තාත්තගෙයි සුරංගනාවි තමා මම.මම ගොඩක් වෙලාවට විනෝදෙන් ඉන්න කැමති කෙනෙක්.මම කැමති සැහැල්ලු ඒ වගේම නිදහස් ජීවිතයකට.බොරු කියන්න ඕනෙ නෑ මට ඒ නිදහස තියෙනවා .අම්මයි තාත්තයි කවදාවත් මට මේක කරන්න අරක කරන්න කියල බලකලේ නෑ .එයාල මන් කැමති දේ කරන්න මට ඉඩ දුන්නා .මන් කවදාවත් හැබැයි ඒ නිදහසෙන් අයුතු ප්රයෝජන ගත්තෙ නෑ .මන් හොදට ඉගෙනගත්තා.මන් A / L වල්ට Bio කරලා A 3 ක් ගත්තා.මට මෙඩිකල් කෝලෙජ් යන්න පුලුවන් වුනත් මන් ගියෙ නෑ .මොකද මට ඕන වුනේ කවදහරි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න.ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන් කම තිබ්බත් මන් එහෙම වුනේ නැත්තන් මට ඕන වුනේ සැහැල්ලු ජීවතයක්.ඩොක්ටර් කෙනෙක් ගොඩක් බිසී වෙනවා.අන්න ඒ හේතුව නිසායි මන් මෙඩිකල් කෝලෙජ් ගියෙ නැත්තෙ.පොඩි කාලෙ ඉදන් මට තිබ්බ හීනයක් තමා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන එක.අනිතිමට කොහොමහරි ඉතින් මම අද ලංකාවම දන්න ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වුනා.දැන් මන් කියන්නම් මගෙ අයියා ගැන.
මේ ඉන්නෙ මගෙ අයියා රොහාන්මගෙ නිවුන් සහෝදරයා .මට වඩා විනාඩියක් වැඩිමල්.හැබැයි අවුරුදු ගාණක් වැඩිමල් වගේ තමා ඉන්නෙ.පොඩි කාලෙ ඉදන් නැට්ට වගේ තමා අපි දෙන්න.මේකා ඉතින් මාව දාල රට පැන්නනේ.නරක සහෝදරයා .මේකව අල්ලගන්න තමා මන් ඉන්නෙ.මන් කොරියාවට කොච්චර ආසද කියන්න මෙයා දන්නවා.මාවත් දාල කොරියා ගියානෙ.ගිහින් දැන් අවුරුදු හතරක්.මාස දෙකක්ට සැරයක් ගෙදර එනවා.මන්නම් තාම දන්නෙ නෑ මේකා මොන ජොබ් එකක් එහෙ කරනවද කියලා.ඇහුවට කියන්නෙත් නෑ .හෙන ගෑස්.ස්කූල් යන කාලෙ ඉදන් මෙයා මනාමාලයි.කෙල්ලො හරියට පස්සෙන් එන්නෙ සීනී කැටේ පස්සෙන් එන කූඹියො වගේ .ගෙදර අය හිතන් ඉන්නෙ මෙයා උපාසක බළලා කියලා.මන්නෙ දන්නෙ බළලගෙ තරම.රෑ තිස්සෙ ක්ලබ් ගිහින් එද්දි මමනෙ ගේ ඇතුලට මේකව හොරෙන් ගන්නෙ.ක්ලබ් යනවා කියන්න කවුරැවත් දන්නෙ නෑ .මන් ඉතින් හැමදාම මෙයා ක්ලබ් යන දවසට ගාණක් කඩාගන්නව.ඇයි ඉතින් මන් රෑ දෙගොඩහරියෙ නැගිටින එකට.මෙයා ගැන කිව්ව ඇති නේ.දැන් මන් කියන්න යන්නෙ මගෙ හොදම යාලුවා වගේ .
මේ ඉන්නෙ අනූ.
YOU ARE READING
💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed )
Fiksi Penggemarජීවිතේදි දෙන්නෙක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන් .ඒත් ඒ දෙන්න අතර ඇති වන බැදීම අහම්බයක් නෙමේ. මේ කතාව පොඩ්ඩක් විතර වෙනස් එකක් වෙයි.කියවලම බලන්නකෝ.