☠️ chapter 01 ☠️

710 82 10
                                    

🐣" හේයි කියා...🤗 "

🌸" ඕ ජිමිනා.. 😬 අම්මෝ බන් මම බයත් උනා ගොනෝ.. "

ඇයි ඉතිම් මම බෑග් එකත් කරේ දාගෙන කාර් එකෙන් බැහැලා ගේට් එකෙන් ඇතුලට ආව විතරයි එතන තියෙන චෙරි ගහ උඩ ඉඩන් මේකා බිමට පැන්නනේ.. නිකන් නම් කමක් නෑ. තව ඩිංගෙන් මගේ ඇග උඩ.

🐣" සොරි කෙල්ල ඉතින්.. කෝ අද ඔයාගේ නැට්ට නැද්ද? "

🌸" ඈහ් නැට්ට?.. "

🐣" ඇයි යකෝ උබේ මහ ලොකු ට්විනා බන්... අර බටු ඇටේ.. ජියා"

🌸" ආහ් ඔන්නි.. "

🐣" ඔව් ඔව් ඔන්නි තමා කෝ එයා?"

අද මගේ ඔන්නි මගේ නිවුන් සහෝදරිය කොලේජ් ආවේ නෑ. ඔන්නිට ඔම්මත් එක්ක ඔම්මාගේ යාලුවෙක්ගේ ගෙදර යන්න වුනා.. ඉතින් අද මම තනියෙම තමා කොලේජ් ආවේ.. එතකොට මේ ජිමිනාගේ පරම පිවිතුරු ලව් එක තමා මගේ ඔන්නි.. හැබැයි ඔන්නිට ආදරෙයි කිය කිය දකින දකින කෙල්ලත් එක්ක යාලු වෙන එක තමා ජිමිනාගේ විනෝදාංශය..

🌸" ආහ්.. ඔන්නිට ප්‍රොපෝසල් එකක් ආවා ජිමින්.. ඔම්මයි ඔන්නියි ගියා ඒ බෝයිගේ ගෙදර"

මමත් හිනාව කාගෙන කිව්වා.. මටත් ඕනෙ ජිමිනාව අවුස්සන්න. මගේ ඔන්නිත් මේකට පන ඇරලා. ඒත් මේ ගොනාට ඒක තේරෙන්නෑ.. වටේපිටේ ඉන්න කෙල්ලො එක්ක යාලු වෙවි හුරතල් වෙවී ඉන්නවා. ජිමින් දන්නෑ ඔන්නී කොච්චර අඩනවද කියලා.. එයාගේ ආදරේ වෙන කොල්ලො එක්ක කෝලම් කරනවා දකිද්දි ඔන්නි කොහොමද දරාගන්නේ..

🐣" වට්?? ඒ කියා විහිලු ක්..කරන්. එපා ඕයි😖😖"

ජිමින්ට නම් ඒක අහලා කරන්ට් එක වැදුනද මන්දා. කොල්ලා හොදටම බය වුනා.

🐯🐰" ආහ් නංගී.. 🤗"

ඔය වෙලේ කොයි ලෝකෙන්ද මන්දා කඩාපාත් වුන ටේයි කුකීයි මගේ කරට අත දාගත්තා.

🐯" අඩෝ ජිමිනා. මොකෝ මේ? ඒ කුකියා මෙන්න මූ අඩනවද කොහෙද බන්.. 🤪"

ටේ විහිලුවට හිනා වෙවි ජිමින්ගේ පිටට ගැහුවත් මූනත් රතු කරගෙන ඇස්වල කදුලුත් පුරෝගෙන හිටිය ජිමින් ටේටත් ඔරෝලා ටේගේ අතත් ගසලා දාලා කොලේජ් එක ඇතුලට දුවගෙන ගියා.

☠️ Professor Kim ☠️ || Completed || KNJWhere stories live. Discover now