☠️ Chapter 06 ☠️

224 64 4
                                    

🌸 " කුකී ඊයේ මම ලයිබ්‍රි එකේ කෑගැහුවේත් ඒ හොල්මනට බය වෙලා. මම නිදාගෙනනේ හිටියේ එක පාරටම ඇස් ඇරලා බලද්දි මගේ ඉස්සරහා හොල්මනක්..🥶 ඒකයි මම බය වුනේ.. 😰 එයාට මාව මරන්නලු ඕනේ.. අනේ කුකී 🥺 මට බයයි.. "

🐰 " මටත් ඕකම උනා කියා..😐

ඊයේ ඔයා ගියාට පස්සේ මායි ජිමිනායි ටේටේයි කොලේජ් එකේ කාර් පාක් එකට වෙලා හිටියා. එතකොට මටත් ඇහුනා කවුද මාව මරනවා කියලා. මම ඇහුවා ටේටේගෙනුයි ජිමිනාගෙනුයි එයාලට ඇහුනද කියලා. ඒත් ඇහිලා නෑ..

එතකොට තමා මම අපි හේත්තු වෙලා හිටිය කාර් එකේ වීදුරුවෙන් මං දිහා අමුතු හිනාවක් දාන් බලන් හිටිය ලේ රතු පාට ඇස් තියෙන හොල්මනව දැක්කේ. මම බය වෙච්ච පාර පිටිපස්සට පැන්නා.. 🤒 🥶 මමත් හොදටම බය වුනා කියා. "

මම හිටියේ කුකීගේ උරහිසට ඔලුව තියන් එයා කියන කතාව අහගෙන. කුකීත් මගේ උරහිසවටේ අත යවලා මගේ ඔලුවට එයාගේ කම්මුලක් හේත්තු කරගෙන එයාට ඊයේ හොල්මන හම්බුන හැටි කියනවා.

එහෙම ඉද්දි එක පාරටම අපි දෙන්නට දරාගන්න බැරි තරම් සීතලක් දැනෙන්න ගත්තා. 🥶

අම්මෝ... ස්.. ස්.. සීතලයි.. 🥶

ඒත් එක්කම හයියෙන් හුලන් හමන්න ගත්තා. වටේ පිටේ ගස් වැල් පදුරු නිකන් පිස්සුවෙන් වගෙ එහෙට මෙහෙට හෙලවෙන්න ගත්තා. 🍃

🐰 " ක්.. කියා.. 😨 මේ මොකද මේ වෙන්නේ? "

එක පාරටම අවට පරිසරයම කලුවර වෙලා අහසේ වැහිවලාකුලු පෝලිම් ගැහෙන්න ගත්තා.☁️

🌸 " අනේ මම දන්නෑ කුකී.. මට බයයි.. 😨🥺 අනේ මට බයයි කුකී.. 🥺🥺 "

මම තව ටිකක් තදට කුකීව බදාගෙන එයාගේ පපුව අස්සේ ඔලුව හංගන් අඩන්න පටන් ගත්තේ අවට පරිසරයේ අමුතු වෙනස්වීම්වලට බය වෙලා 😭

අවට පරිසරය අසාමාන්‍ය විදියට කලුවර වෙලා.. සාමාන්‍යයෙන් දහවල් කලෙක කොච්චර වැස්සත් පරිසරය කලුවරවෙන සීමාවක් තියෙනවානේ.. ඒත් අද ඒ සීමාව පැනලා.

ගොඩක් අදුරු පරිසරයක්..

ටිකෙන් ටික හුලං හමන වේගෙත් වැඩි වෙලා අදුරු වැහිවලාකුලු වලින් ලොකු ලොකු වතුර බිංදු බිමට වැටෙන්න ගත්තේ මාහා කුනාටුවක පෙර නිමිත්තක් විදියට 🌧️🌧️

☠️ Professor Kim ☠️ || Completed || KNJOnde histórias criam vida. Descubra agora