☠️ Chapter 23 ☠️

142 38 10
                                    

මුලින් හොබී ඔප්පා.. දැන් මගේ ඔප්පා.. හ්ම්.. මට බයයි.. ඊගාවට මේ හොල්මනගේ ගොදුර කවුරු වෙයිද 🥺

කමක් නෑ.. ඔන්නි වෙනුවෙන් ඔප්පාලා වෙනුවෙන් හැමෝම වෙනුවෙන් මායි කුකීයි කොහොමහරි හොල්මන හොයාගන්න ඕනේ..

එහෙම හිතන් හිතට ධෛර්යය අරන් මම සමර් හට් එකේ දොර ගාවට ගියා.. මාත් ඒක්කම ආපු ජූන් ඔප්පා එයාගේ අතේ තිබ්බ ප්ලාස්ටික් සැරටියෙන් දොර තල්ලු කරලා ඇරියා.. ඔප්පා කිව්වා හොල්මනවත් එයාට සම්බන්ද කිසිමදෙයක් අපිට අත්වලින් අල්ලන්න එපා කියලා . ඒ නිසා අපි අත්වලට රබර් අත් වැසුම් එහෙමත් දාගෙන හිටියේ.

ක්‍ර්‍රීන්න්න්න්.... චිරීස්...

ඒ ලොකු මැහෝගනී ලීයෙන් හදලා තිබ්බ දොර සද්ද දාගෙන ඇරුනේ අපි හැමෝම උඩට ගත්ත හුස්ම පහලට නොදා ඇස් ලොකු කරන් ඇතුලට එබීගෙන ඉද්දි..

🐰 " ඔහ්... මේ කුනු ගද... 🤢 අනේ හ්‍යුන්ග් ... අප්පිරියයි.. මට වමනේ යන්න වගේ.. "

කුකී ඇවිත් ජින් ඔප්පාගේ අතේ එල්ලිලා කිව්වා.. ඇත්තටම ඒ ගද දරාගන්න ගොඩාක් අමාරුයි.. මල මිනී ගදක්..

ඔව් නේ.. ඉස්සෙල්ලාත් මේක ඇතුලේ මලමිනියක් තිබ්බේ..

අහ්.. හරි ඒ තිබ්බ මල මිනියයි ලේ ගොඩයි එහෙම් පිටින්ම තියෙනවා..

🐹 " ආයිශ්.. මෙතනින් ඉක්මනට යමුකො.. මේ මලමිනිය දිහා බලන්න අප්පිරියයි .. ඊයා අර පනුවොත් ඉන්නවා.."

🌸 " ඒ ලේ පෙරන් ඉන්න විදියට ඒ විරුපි වෙලා තියෙන මූනට ගොඩක් බය හිතෙනවා ජින් ඔප්පා... අනේ මෙතනින් යමුකො.. "

මාත් ජුනී ඔප්පාගේ අතේ එල්ලිලා කිව්වේ ඇත්තටම ඒ දිහා බලන් ඉන්න අමාරු උන නිස..

🐨 " හ්ම්.. එන්නකෝ යමු.. මුලින් අපි පහල තට්ටුව බලලා ඉමු හොදෙ.. "

ජූන් ඔප්පා එහෙම කියලා අර මල මිනිය ගාවින් දකුනු පැත්තට ගියා.. ඔහ්.. මට මතකයි.. මේ යන්නේ කුස්සිය පැත්තට..

🐯 " හ්‍යුන්ග් .. මේ පැත්තේ නේද කිචන් එක තිබ්බේ.. "

ටේත් වටපිට බලන ගමන් අහද්දි ජූන් ඔප්පා ඔලුව වැනුවා..

☠️ Professor Kim ☠️ || Completed || KNJDonde viven las historias. Descúbrelo ahora