☠️ Chapter 02 ☠️

280 73 3
                                    

🐨 " මින් කියා.. "

කල්පනා සාගරයේ කිමිදි කිමිදි හිටිය මම පියවි සිහියට ආවේ මගේ නම කියනවා ඇහිලා. මම ටක්ගාලා ඔලුව උස්සලා වටපිට බලද්දියි මට තේරුනේ රෙජිස්ටර් එක මාක් කරනවා කියලා.

🌸 " ඉන්නවා සර්.. "

මම ටක්ගාලා අතත් උස්සලා කිව්වා. කුකී නම් තාම මේ ලෝකේ සිහියෙන් නෙමේ කොල්ලා අගිල්ලෙන් චිත්‍ර ඇද ඇද මොකක් හරි ලොකු ප්ලෑනක් ගහනවා.

🌸 " යාහ්.. කුකියා.. රෙජිස්ටර් එක මාක් කරනවා. "

මම ඉතින් කුකියාගේ ප්ලෑන් එකට ඕනේ දෙයක් වෙච්චදෙන් කියලා වැලමිටෙන් ඇනලා පියවි සිහියට ගත්තේ ඊලගට සර් කතා කරන්නේ කුකීගේ නම කියලා දන්න නිසා.

🐨 " ජොන් ජන්ග්කුක්.. "

🐰 " ආහ්.. ඉන්නවා සර්.. "

කුකීත් ඉක්මනට අත උස්සලා උත්තර දුන්නා.. ඒත් එයාගේ මූනේ මහා කපටි කෛරාටික හිනාවක් ඇදිලා තිබ්බේ. මොනා නැතත් කොල්ලා මොකක් හරි කපටි වැඩකට තමා ඔය අර අදින්නේ. කුකීගේ හිනාව දකිද්දිම මටත් කට කොනකින් හිනාවක් ගියේ ඒ නිසා.😏

කුකි එයාගේ කපටි මූනත් එක්කම මගේ කන ගාවට නැවිලා එයාගේ ප්ලෑන් එක කියන්න ගත්තා..

වාව්.. 🤩

සුපිරි...😍

ආයේ කියලා වැඩක් නෑ.. 😌

🐨 " කිම් ටේහ්‍යුන්ග්.. "

🐯 " ඉන්නවා සර් 🙋 "

🐨 " මින් ජියා.. "

🌸 " ඇබ්සන්ට් සර්..😁 "

කුකියාගේ ප්ලෑන් එක ඇහුවට පස්සේ මාත් එයා කියපු විදියටම කලා. රෙජිස්ටරේ මගෙයි කුකීගෙයි නම් එකට තිබ්බට අනිත් තුන්දෙනාගේ තියෙන්නේ අපිට වඩා ලමයි 10කට විතර පිටිපස්සෙ.. මොකද එදා යුනිවසිටි එකට ඇතුලත් වුන වෙලේ සීනියර්ස්ලා වගයක් ඇවිල්ලා පොලිම් බෙදුවානේ.. මායි කුකීයි එකම පෝලිමට වැටෙද්දි ටේයි ජිමිනායි ඔන්නියි අනිත් පෝලිමට වැටුනේ.

🐨 " පාක් ජිමින්.. "

🐰 " ඉන්නවා සර්..😎 "

කුකී ජිමින්ගේ වගේ ස්වීට් වොයිස් එකක් ගන්න ඕනේ නිසා frequency එක වැඩි කරලා කෙල්ලෙක් වගේ වොයිස් එකක් අරන් උත්තර දුන්නා.. 😂 ( අනේ ජිමින් ඔප්පා සොලි හොදේ වොයිස් එක කෙල්ලෙක් වගේ කිව්වට 😁 ආදර්රේටනේ ඉතිම් 😊 )

☠️ Professor Kim ☠️ || Completed || KNJDonde viven las historias. Descúbrelo ahora