-pretty Boy-

1.2K 322 128
                                    

"එක දවසක් ආවම උඹ හැමදාම මෙතනට එන්න ගත්තද?කුකෝ?"

"කතා කරලා වැඩක් නෑ බන්.උඹට මේ ෂොප් එක ඇර වෙන ඒවා පේන්නෙම නැද්ද?"

"මෙතන ඒවාගෙ රහ නෙමෙයිනෙ අනිත් තැන්වල තියෙන්නෙ?මං ආස මෙතන ඒවාගෙ රහට."



තම මිතුරන්ට ඇසක් ගසමින්,කටකොණින් සිනාසුන ජොන්කුක් ඔවුන් පළමු දිනයේදිම පැමිණ වාඩි වුනු මේසය අසලට ගොස් වාඩි වුනා...මේ වන විට සතියක් ගත වී හමාරයි...ජොන්කුක් කියන්නෙ අවුරුදු විසි එකක පමණ තරුණයෙක්.ඔහු වැඩිය මිනිසුන් ඇසුරට අකමැති,ආඩම්බරකාර තරුණයෙක්.ගැහැණු ළමුන් පවා ඔහුගෙ පසුපසින් කොතරම් පැමිණියත් ඔහු ඒ අයව ගණන් ගන්නෑ.මොකද ජොන්කුක් කියන්නෙ හැම අතින්ම Perfect කෙනෙක්.කඩවසම්,හැඩිදැඩි,වශීවෙන සුලු පෙනුම නිසා කාගෙත් ආකර්ෂණයට ලක්වීම සාමාන්‍ය දෙයක්.අනිත් එක තමයි ජොන්කුක් කියන්නෙ හොද වැදගත් පවුලක එකම පිරිමි දරුවා.ඉතින් ගැහුණු ළමුන් ඔහුගෙ පසුපස එන එක සාමාන්‍ය දෙයක්.නමුත් ඒ අය අතරින් ඔහුට හොදයි කියලා හිතුන කෙනෙක් මුණගැහුනොත් ඔහු ඒ අවස්ථාව අතාරින්නෙත් නෑ.හැබැයි ඔහුගෙ පියා නම් ඔහුගෙ මේ වගේ වැඩ වලට අවසර දෙන කෙනෙක් නෙමෙයි.ඒ නිසාම ජොන්කුක් හුගක් දේවල් තම පියාට හොරෙන් තමයි සිදු කරන්නෙ.විශේෂයෙන්ම,ඔහුගෙ පියා වැඩියෙන්ම කාර්යබහුල වෙන දවස බලලා ක්ලබ් යනවා වගේ?...



"මෙතන රහට කිව්වෙ උඹ ඇත්තටම මෙතන තියන කන,බොන දේවල් ගැනද?නැත්නම් අර ලස්සන කොල්ලා ගැනද?"


ඔහුගේ එක් මිතුරෙක් ජොන්කුක්ට කිණ්ඩියට මෙන් සිනාසී හැමදාම මෙන් අවන්හලේ කෙළවර මේසේට වෙලා පොතක් කියවමින්,සැහැල්ලුවෙන් කෝපි පානය කරන්න තරුණයාව ඇසෙන් ඉඟිකර පෙන්වමින් එසේ විමසුවා.එවිට ජොන්කුක් එය ගණන් නොගෙනම...

"නෑ...කෑම ගැන කිව්වෙ.උඹලා දන්නවා මං කොල්ලොන්ට කැමති නෑ කියලා.ඒ නිසා ඔය බූරු කතා කියන්න එපා."

"Oke...Soo Cool Bro...අපි විහිලුවට කිව්වෙ ඒක.ඒක නෙමෙයි මොකෝ කියන්නෙ?හැමදාම දවල්ට මේ කොෆි ෂොප් ගාණෙ රස්තියාදු නොවී වෙන කොහේ හරි ගිහින් එමුද?"

"Good Idea...!ඒ...ජොන්කුකා...උඹ මොකෝ කියන්නෙ යමුද රවුමක් දාලා එන්න?"

"අද බෑ...උඹලා පලයන්.අප්පා එනවා කිව්වා කළින්ම."

Coffee🍁 [ᵖˡᵉᵃˢᵉ ˢᵗᵃʸ ʷⁱᵗʰ ᵐᵉ2]✔Where stories live. Discover now