-Yoonmin-

1K 290 310
                                    

මසක් පමණ ගත වුනා.ඔවුන් දෙදෙනා අතර මේ වන විට නම් හොද සම්බන්ධතාවයක් පැවතියා.දෙදෙනාගෙ ආදරේ කොයි තරම් වැඩි වුනත් පොඩි,පොඩි රණ්ඩු සරුවල් වල නම් අඩුවක් ඒ හැටි පේන්න තිබ්බෙ නෑ.ඒ මොනවා වුනත් ටේකුක් දෙදෙනාගෙ ආදරේ නම් අඩුවක් වුන්නෑ...


"කුකී...බබා...නැගිටින්න...කුකී...කූ...ඉක්මනට..."

"ම්හ්...අනේ ටේ...තව ටිකක් ඉන්න දෙන්නකෝ..."


ජොන්කුක්ගෙ කන ගාවට නැමිලා රහසින් වගේ ජොන්කුක්ට ටේ එහෙම කොඳුරද්දි,ජොන්කුක් තවත් කොට්ටෙ බදාගෙන නිදාගන්න හැදුවා...


"කුකී...කෝ...අනේ නැගිටින්නකෝ..."

"මොකද බබා මේ...තව ටිකක් ඉන්න දෙන්නකෝ..."

"බෑ...බෑ...බෑ...ඔයාට තවත් වෙලා මෙහේ ඉන්න දෙන්න බෑ.ඔයා මේ දැන්ම යන්න ඕනේ."


තමන් කියන කිසිවක් ජොන්කුක් කනකටවත් නොගන්න බව තේරුම් ගත්ත ටේහ්‍යුන්,මදක් කේන්තියෙන් වගේ එවර ජොන්කුක් පෙරවන් හිටපු පොරවනෙන් අදිමින් කෑගහන්න ගත්තා,නමුත් ජොන්කුක් තවත් එය තමන් වෙත ඇදගනිමින් කෙඳිරි ගාන්න ගත්තා,ජොන්කුක් මේ වෙලාවේ හිටියෙ,ටේහ්‍යුන් නැවතිලා හිටපු ගෙදර,ටේහ්‍යුන්ගෙ කාමරේ ඇතුළෙ...


"කූ...කිව්වම අහලා නැගිටිනවා මගෙන් මැරුම් නොකා..."

"ම්ම්ම්...ඇයි අනේ...ඔයා උදේම මේ විදිහට වෙනස් වෙන්නෙ?"

"කුකී...කිව්වම නැගිටින්න බැරිද?කුකී...කුකී...ජොන්කූක්...නැගිටිනවා..."


මෙවර නම් ටේහ්‍යුන්ගෙ කේන්තිය උපරිමේට ඇවිත් තිබ්බෙ.ඒ නිසාම ටේහ්‍යුන්,ජොන්කුක් පෙරවන් හිටපු පොරවනය එක වරම ඔහුගෙ ඇගෙන් ඇද ඉවත් කොට බිමට දැම්මේ,ජොන්කුක් එක වරම විදුලියක් වැදිලා වගේ ඇදෙන් නැගිට්ටෙනවත් එක්කමයි.ඇසුත් ලොකු කරන් ජොන්කුක් තමන් ඉදිරියේ ඉනට අත තියන්,කේන්තියෙන් රතු වෙලා ඉන්න ටේ දිහා බලලා නැවත තමන් දිහා බැලුවමයි ජොන්කුක් හරි සිහියට ආවේ.මොකද මේ වෙලාවෙ ජොන්කුක්ගෙ ඇගේ එක නූල් පොටක් වත් තිබ්බෙ නෑ,ඒත් ඉතින් තමන් ඉදිරියේ ඉන්න කෙනා මේ දේවල් අමුතුවෙන් දකිනවා නෙමෙයි කියලා දන්න නිසා ජොන්කුක් කළබල නොවී බිම වැටිලා තිබ්බ තම කළිසම රැගෙන ඇද ටේහ්‍යුන් ඉදිරියට ගොස්...

Coffee🍁 [ᵖˡᵉᵃˢᵉ ˢᵗᵃʸ ʷⁱᵗʰ ᵐᵉ2]✔Where stories live. Discover now