-First Kiss-

1.1K 307 202
                                    

එදා අවන්හලෙන් එළියට එන විට වෙනදට වඩා හවස් වෙලා තිබ්බ නිසා අහස කලුවර වේගෙනයි ඇවිත් තිබ්බෙ.ටේහ්‍යුන් වේගයෙන් අවන්හලෙන් එළියට පැමිණියත් එක්කම,ඔහුගෙ පිටුපසින් ජොන්කුක්ද දිගටම පැමිණියා...

"ටේ...ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ...ටේ...ටේහ්‍යුන්..."

ජොන්කුක් කොච්චර කතා කළත් ටේහ්‍යුන් නෙමෙයි හැරිලවත් බැලුවෙ.බැරිම තැන ජොන්කුක්,ටේගෙ අතින් අතින් ඇදලා තමන්ගෙ පැත්ත හරව ගත්තෙ,ටේ ඔහුගෙන් ගැලවෙන්න දඟලද්දිමයි...

"අතාරින්න ජොන්කුක්...මට යන්න දෙන්න..."

"හරි ඊට කළින් මට කියන්න ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා?ඔයා මගෙන් පැනලා යනවා හැමදාම?එක්කො ඇයි අර මනුස්සයට කිව්වා වගේ මගේ මූණටම ඔයාට,මාව වදයක් නම් කියන්න බැරි?"

"ඒක ඔයාට වැඩක් නෑ..."

"නෑ...වැඩක් තියනවා."

"මාව අතෑරියෙ නැත්නම් මං හයියෙන් කෑගහනවා ඔයා මට කරදර කරනවා කියලා."

"ඉතින් කෑ ගහන්නකො බලන්න.කෝ...ඉතින්...කෑගහලා කියන්නකො අර ඇතුළෙදිත් හොදට රඟපෑවේ මාවත් පාවිච්චි කරළා.දැනුත් එහෙනම් ඒ වගේ කරන්නකො බලන්න."

"මං එහෙම කළේ නෑ..."

"නෑ...කළා...ඔයාගෙ වැඩේ කරගන්න ඔයා මාව පාවිච්චි කළා..."

"හරි...හරි...මං එහෙම කළා තමයි.දැන් ඔයාට ඕනේ ඒකේ වාඩුව ගන්නද මගෙන්."


ටේහ්‍යුන් මේ සැරේ ජොන්කුක්ගෙ අත හයියෙන් ගසලා දාලා කේන්තියෙන් රතු වෙච්ච මූණක් එක්ක අඩන ගමන් එහෙම ඇහුවම ජොන්කුක්ගෙ හදවත බිදිලා ගියා වගේ වුනා...


"ට්...ටේ..."

"කියන්න ඉතින්...?"

ටේහ්‍යුන් කේන්තියෙන්ම කෑගැහුවා.එවර ජොන්කුක්...

"ඔව්,වාඩුව ගන්න තමා ඒ නිසා කටවහන එනවා දැන්."

ජොන්කුක් කේන්තියෙන් මෙන් එසේ පවසා ටේහ්‍යුන්ගෙ අතින් නැවත ඇදගෙනම තමන්ගෙ කාර් එක තිබූ තැනට ගොස් ඉස්සරහා දොර විවර කර ටේහ්‍යුන්ව වාහනේ ඇතුළෙ බලෙන්ම මෙන් ඉන්දවලා,ඔහුත් ගොස් අනෙක් පසින් රියදුරු අසුනෙ ඉදගෙන දිගු සුසුමක් පිට කළේ තවමත් හඩමින් ඉන්න ටේ දෙස බලාගෙන ඔහුගෙන් යම් ප්‍රශ්නයක් විමසීමටයි.නමුත් කේන්තියෙන් මෙන් සිටියත් සැබැවින්ම ජොන්කුක් හිටියෙ දුකින්,මොකද ටේගෙ කදුලු වලට හේතුව තමන් කියලා හිතුන නිසා ජොන්කුක් හිත ඇතුළෙන් හුගාක් පසුතැවුනා.එයාට බලන් ඉන්න අමාරුයි ටේ අඩන දිහා.ඒක එයාගෙ හදවතට පිහියකින් අනිනවටත් වඩා ලොකු වේදනාවක් වගේ දැණුනා.ඒත් ජොන්කුක් තාම උත්තර හොයනවා.ඇයි එයාට ටේහ්‍යුන්ට වේදනාවක් දැනෙද්දි ඊට වඩා තමන්ට වේදනාවක් විදිහට දැනෙන්නෙ කියලා.අනිත් පැත්තෙන් ටේහ්‍යුන්ටත් එහෙමයි.ටේහ්‍යුන් අඩන්නෙ ඇයි කියලා එයාටවත් හරි හැටි වැටහීමක් තිබ්බෙ නෑ.මොකද බෝගම් වත්,අර එයාගෙ අතේ ඇනුන කටුව නිසාවත් ටේහ්‍යුන්ට අඩන්න තරම් දෙයක් තිබ්බෙ නෑ.ඒත් ඔවුන් දෙදෙනාම හිතාගත්තෙ ජොන්කුක් අවසරේකින් තොරව ටේහ්‍යුන්ගෙ අත්ල සිපගත්ත නිසා වෙන්නැති කියලා.ඒත් එහෙම නම් ටේහ්‍යුන් මොන එහෙකටද ජොන්කුක් එය දෙපාරක් කරන තුරු නිකන්ම බලාගෙන හිටියේ?මොනවා වුනත් දෙදෙනාම,දෙදෙනා අතර ඇති තමන්ගෙ ඇත්තම හැඟීම් අදුන ගන්න උත්සාහ කරන්න කැමති නෑ වගේ?...

Coffee🍁 [ᵖˡᵉᵃˢᵉ ˢᵗᵃʸ ʷⁱᵗʰ ᵐᵉ2]✔Место, где живут истории. Откройте их для себя