-Friends-

992 291 312
                                    

එදින යුන්ගි ඔහුගේ පරණ මිතුරෙකු ද ව්‍යාපාරික හවුල්කරුවෙකුද වූ කෙනෙකු මුණ ගැසීමට ඔහු එක්තරා හෝටලයක් වෙත පැමිණි අතර එහි වූ එළිමහන් අවන්හලේ වෙනම ස්ථානයක් ඔවුන් වෙනුවෙන් වෙන් කොට තිබූ අතර එම ස්ථානයට ඉතා සුන්දර ලෙස ලන්ඩන් නගරය හරහා ගලා යන තේම්ස් නදියද හොදින් දර්ශනය වන වටපිටාවක් තිබුනා.යුන්ගි පැමිණ ඔවුන්ට වෙන් වුන ස්ථානයෙන් අසුන් ගත් අතර,ඒ වෙලාවෙම පැමිණි තවත් අයෙක් යුන්ගිට ඉදිරියෙන් අසුන් ගත්තා.ඔහු යුන්ගිට වඩා මදක් උස පුද්ගලයෙකු වූ අතර ඔහුට වඩා මදක් බාල පෙනුමකින් යුතු මැදිවියැති කෙනෙක් බව පෙනුනත් දෙදෙනාගෙම මුහුණු දෙස බැලූ,බැල්මට කිව හැක්කේ,ඔවුන් දෙදෙනාම ඉතාම පරිණත පුද්ගලයින් ලෙසයි.මුලින්ම කතාව ඇරඹි ඒ කෙනා...


"ඉතින් හුග කාලෙකින්නේ?මෙහෙදි හම්බවෙන්න ලැබිච්ච එක ලොකු සතුටක් මිස්ටර් මින්."


ඒ පුද්ගලයා යුන්ගිට අතටඅත දී එසේ පැවසූ විට,යුන්ගිද ඔහුට අතටඅත දී...


"ඔව් ඇත්තටම.මටත් ගොඩක් සතුටුයි.ඔයා ලොකු Businessmen කෙනෙක් දැන්?"

"ඔව්,උත්සාහයත්,මහන්සියත් නිසයි මේ හැමදේම.ඒ වගේම මං හිතුවෙ නෑ මිස්ටර් පාර්ක්ගෙ බිස්නස් ඔක්කොම මිස්ටර් මින් භාරගයි කියලා?මොනවා වුනත් ඔයා ඒක හැමෝටම වඩා හොදින් කරනවා.ඒ වගේම ගොඩක් තරඟකාරියි."

"මාව ඔයාටත් තරඟයක්නේ?ඒත් අද මෙතනට ආවේ ඒ ගැන තර්ක කරන්න නෙමෙයි කියලා හිතනවා මිස්ටර් ජෝ?"

"ඔහ්...අනිවාරෙන්ම."


මෙතරම් වෙලා ආඩම්බරකමකින් කතා කරමින් සිටි දෙදෙනාම එක වරම මදක් එකිනෙකා දෙස බලා සිනාසී සැහැල්ලුවෙන් මෙවර...


"ඉතින්?හුග කාලෙකින් දකින්නෙ?ඒත් තාම ආඩම්බරකම පොඩ්ඩක්වත් අඩු නෑනේ?දැන ගන්න මං ඔයාට වඩා වැඩිමල්."

"සමාවෙන්න හියුන්.දන්නවනෙ මිනිස්සු ආශ්‍රය කරද්දි ඕනවට වඩා සුහදශීලී වෙන්නත් නරකයි.හුගක් අය මේ නිසා මං ගැන හිතන්නෙ මං තද මනුස්සයෙක් කියලා."

"මාත් එහෙමයි.වෙනසක් නෑ...ඒත් පවුලෙ අයට ඇර."

"ඔයා ජිමින් හියුන්ට ගොඩක් ආදරෙයි.ඒ නිසානේ?සතුටුයි මට ඔයා ගැන හියුන්.අපි දෙන්නම එක වගේ තැනක ඉදලනෙ මෙතනට ආවේ."

Coffee🍁 [ᵖˡᵉᵃˢᵉ ˢᵗᵃʸ ʷⁱᵗʰ ᵐᵉ2]✔Where stories live. Discover now