-Permission-

925 275 334
                                    

පසු දින සවස ටේහ්‍යුන් සුපුරුදු පරිදි ඔවුන් මුණගැසුන අවන්හල වෙත පැමිණ හැමදාම වගේ ඔහු අසුන් ගන්න,අවන්හලේ කෙළවරේ තිබ්බ මේසය වෙත ගොස් අසුන් ගෙන හොදින් ඒ වටපිටාව බලාගෙන හිටියෙ අවුරුද්දක කාලයක් ගත වී තිබුනත්,ඔවුන් මුණගැසුනු තැන කිසිම වෙනසක් නැතුව තිබ්බෙ හරියට ඔවුන් වෙනුවෙන්ම වෙන් වෙලා තිබ්බ තැනක් වගේ.ඔවුන් පළමුව මුණගැසුනු,ඉන් පසුව නිතරම මුණගැසුනු,ඒ අවන්හල,ඒ කෙළවරේ මේසය නෙමෙයිද ඔවුන්ගෙ ආදරයට අඩිතාලම දැම්මෙ?නැත්නම් අහඹු හමුවක්ද?එහෙමත් නැත්නම් වෙනත් දෙයක්ද?මොනවා වුනත් ටේහ්‍යුන්ට මේ අවන්හල සුන්දර මතක සටහනක් වෙලා අවසන්.ටේහ්‍යුන් මේ දේවල් දිහා තනිව සිනාසෙමින්,පරණ මතකයන් සිහි කරමින් බලාගෙන සිටියේ,ඔහුට පුරුදු පරිදි තම දෑත් මතින් නිකට තබාගෙනයි.ඒ වෙලාවෙ...

"ඔයා ඔහොම ඉන්නකොට ගොඩක් ලස්සනයි..."

ඒ කටහඩ අදුනගන්න ටේහ්‍යුන්ට හට ඉතාම පහසුවෙන් පුලුවන් වුනා.තමන් සිටි කළ්පනාවෙන් මිදී,තමන් ඉදිරියේ අසුන් ගෙන සිටි ජොන්කුක් දෙස ටේහ්‍යුන් හරිම ආදරණීය ලෙස සිනාසී බලන් හිටියෙ,ජොන්කුක්ගෙ දෑස්ද දිලිසෙමින් ටේහ්‍යුන් දෙස බලන් සිටින විටයි.පෙර දිනයේ මෙන්ම හොදින් ඇද,පැළද පැමිණ සිටි ජොන්කුක් තුළින් මීට වරසකට පෙර තමන් ඉදිරියේ අසුන් ගෙන සිටි හිතුවක්කාර තරුණයාව හොයන්න වගේ ටේහ්‍යුන්,ජොන්කුක් දෙසම නිහඩව බලන් සිටියා...

"ඔයා ඔහොම මං දිහා බලන් ඉන්නෙ?...මං මේ විදිහට ගොඩක් හැන්ඩ්සම් නිසාද?"

"ඔයා කොහොම හිටියත් එහෙමයි කූ...මට ඉස්සර ඔයා හිටපු විදිහ මතක් වුනා."

"ඇයි දැන් මං වෙනස් වෙලා වගේද ඔයාට?"

ටේහ්‍යුන් කළේ ඔලුව දෙපසට වනා නැහැ කියා ප්‍රතිචාර දීම පමණයි.ඔවුන් එලෙසම විනාඩි කීපයක් එකිනෙකාගෙ දෑස් දෙසම බලාගෙන හිටියෙ ඇස් වලින් කතා කරමින් තම,තමන්ගෙ හැඟීම් අදුනගන්න වගේ.ඒ මොහොතෙ ඔවුන් සිටි අවන්හලේ මිනිසුන් කොතරම් නම් එහෙ,මෙහෙ ගියත් ඔවුන්ට එයවත් ගාණක් වුන්නෑ.මද වෙලාවක් පැවති මේ නිහඩතාවය බිද දමමින් ජොන්කුක්...

Coffee🍁 [ᵖˡᵉᵃˢᵉ ˢᵗᵃʸ ʷⁱᵗʰ ᵐᵉ2]✔Where stories live. Discover now