-Story Explain-

789 169 73
                                    

මේ කොටස දාන්නෙ කතාවෙ ඔයාලාට අපහැදිලි තැන් වගේම,හුගක් අයට කළින් කතාවත් එක්ක පැටලිළිසහගත ප්‍රශ්න වගයක් තිබ්බ නිසා ඒ ටික පැහැදිලි කරන්නයි.

(හත්තික්කේ...දිග හෑල්ලක් තියෙනවා සොරි වෙන්න ඕනේ.තව තෑග්ගකුත් ඇති පහළ.කියවන්න කම්මැළියි නම් පහළටම ගිහින් බලන්න.)

.......................................................................................................




01.හුගක් අය කිව්වා දෙවෙනි කතාවෙ ඉන්න දෙන්නා පොඩ්ඩක් වත් පළවෙනි එකේ හිටපු දෙන්නා වගේ නෙමෙයි කියලා.ඔව් ඉතින් ඒක එහෙම වෙන්න එපැයි.මටත් ඕන වුනේ කළින් දෙන්නට වඩා හාත්පසින්ම වෙනස් දෙන්නෙක්ව පෙන්නන්න.ඒකට හේතුවක් තියනවා.

ඔයාලට මතක ඇති පළවෙනි කතාවෙ හිටපු දෙන්නටම ලොකු දුර්වලකම් දෙකක් තිබ්බා.එක්කෙනෙක් මානසිකවත්,අනිත් කෙනා ශාරීරිකවත් දුර්වලකම් තිබුන අය නිසා එයාලගෙ ජීවිතේ ඒකට අනුකූලවයි ගෙවුනේ.ඒ නිසාම එයාලා අනිත් තරුණ අයට වඩා වෙනස් විදිහට ජීවිතේ ගෙව්වෙ.කොහොමත් හැම මනුස්සයෙක්ම එක වගේ ජීවිත ගත කරන අය නෙමෙයිනෙ?

ඒත් දෙවෙනි කතාවෙ එහෙමනෑ...පළවෙනි එකේදි හැමෝම වගේ නිතරම ප්‍රාර්ථනා කළේ නැවත දුර්වලකම් නැතුව එයාලට සතුටින්,එකතු වෙන්න පුලුවන් ලෝකෙක ඉපදෙන්න කියලා නේ?ජොන්කුක් වුනත් අන්තිමට ප්‍රාර්ථනා කළේ ඒ දේමයි.ඉතින් ඔයාලට එතනින් චරිත ගලපගන්න පුලුවන්.ඒ නිසයි මං ලන්ඩන් වගේ නිදහස් පරිසරයක් ඒකට ගාව ගත්තෙ.අනික මේකෙදි ඒ දෙන්නට කිසිම දුර්වලකමක් තිබ්බෙ නෑ.තරුණ කාලය උපරිමයෙන් විදින තරුණයින් දෙන්නෙක්ගෙ චරිත මං මේකට පෙන්නුවෙ ඒ වෙනස පෙන්නන්න.මොකද මේක නැවත ඉපදීමක් වුනත් කළින් ආත්මෙ ගතිගුණ ඒ විදිහටම පිහිටන්නෑනේ?ඒත් මං කතාවෙ හුගක් තැන් වලින් පෙර ජීවිතේ එක්ක ගැටෙන අවස්ථා කීපයක්ම දාලයි තිබ්බා.ඔයාලා හැමෝටම ඒ තැන් මතක ඇති?

ජොන්කුක් කියන්නෙ මේ කතාවෙ හැටියට පිරිමි ළමයිට අකමැති කෙනෙක් වුනත් ටේහ්‍යුන්ව මුණගැහෙන එකෙන් ඒක වෙනස් වෙනවනෙ?එයාට ටේහ්‍යුන් එක්ක යම් හුරුපුරුදු බවක්,හැඟීමක් දැනෙන්න ගන්නවා.කොහොම හරි අන්තිමට ටේහ්‍යුන්ටත් ඒ දේම දැනෙන්න ගන්නවනෙ?අර රෝස මල ගැන කියපු කොටස මතක ඇතිනේ?ඉතින් ඊට පස්සෙ දේවල් විදිහට අර චිත්‍ර,ජොන්කුක්ගෙ වගේම,ඊයේ අවසන් කොටසෙත් කළින් කතාවට සම්බන්ධ වෙන විදිහට අවස්ථා කීපයක්ම මං දාලා තිබ්බා.යුන්හගෙ කතාව අතරෙ ටේකුක් දෙන්නගෙ හැසිරීම,ඒ බැල්මවල් වෙනදා තිබ්බ දඟකාර බවින් මිදිලා හරිම වෙනස් විදිහට එතන මං දැම්මෙ කළින් කතාවෙ දෙන්නට පොඩ්ඩක් ගැලපෙන විදිහට.ඒ හුරුපුරුදු බව දනවන්න...

Coffee🍁 [ᵖˡᵉᵃˢᵉ ˢᵗᵃʸ ʷⁱᵗʰ ᵐᵉ2]✔Donde viven las historias. Descúbrelo ahora