-Cafe-

1K 297 203
                                    

දින දෙක,තුනක් ගත වුනා...

ජොන්කුක් අර සිදුවීමෙන් පසු දිනත් ටේහ්‍යුන්ව බළාපොරොත්තුවෙන් පැමිණියත් පුදුමෙකට වගේ එදා ඔහු ඇවිත් හිටියෙ නෑ...මොකක්දෝ හේතුවකට ජොන්කුක්ට නිතරම ඔහුව මුණ ගැහෙන්න අවශ්‍ය වුනා.ඒ නිසා මේ දින දෙක,තුනම ජොන්කුක් අවන්හල වෙත පැමිණ පැයක්,නෑ එක් දිනක් ඊටත් වඩා වෙලා බලන් හිටියා...ඒත් ඔහුට තේරුනා ටේහ්‍යුන් එදත් නොපැමිණෙන බව.තම මිතුරන්ටත් බොරු කියා ඔහු මේ තරම් උනන්දුවෙන් ටේහ්‍යුන්ව මුණගැහෙන්න එන්නෙ ඇයි?ඒකට උත්තරයක් තවම ජොන්කුක්ට වත් හොයාගන්න බැරුවයි හිටියෙ...

කොහොම හරි නැවත ටේහ්‍යුන්ව එක් වරක් හෝ මුණ ගැහෙන්න ඕනේ කියලා හිතපු ජොන්කුක්,ඔහු වෙලාවට ගියත්,ප්‍රමාද වෙලා ගියත් ටේහ්‍යුන් නොපැමිණෙන බව දන්න නිසා එදින වෙනදට වඩා පැයක් පමණ කළින් ඔහු අවන්හල වෙතට ගොස් ටේහ්‍යුන් හැමදාම අසුන් ගන්න මේසෙ ගාවින් ගොස් අසුන්ගෙන හිටියා...ජොන්කුක්ගෙ පුදුමෙට කරුණ නම්,මෙච්චර ඉදගන්න තැන් තියන අවන්හලේ ඇයි ටේහ්‍යුන් මෙතන විතරක් ඉදගන්නෙ?වගේම ඇයි වෙන කවුරුත් මෙතන අසුන් නොගන්නෙ කියන එක ජොන්කුක්ට ප්‍රශ්නයක් වුනා...මේ වගේ දේවල් සිතමින් ජොන්කුක් ඉන්න අතරෙ,එදින ජොන්කුක් බළාපොරොත්තු වුන පරිදිම වේලසනින් ටේහ්‍යුන් පැමිණියා.ටේහ්‍යුන්ව දුටු විට ජොන්කුක්ගෙ දෑස් සතුටින් දිළිසෙන්න ගත්තා.මේසය අසලට එනතුරුත් නිහඩව බිම බලාගෙන ආපු ටේහ්‍යුන්,ජොන්කුක්ව එක වරම එම වේලාවේ දැකීම නිසා පුදුම වුනා මෙන්ම,කොහෙත්ම ඔහුව බළාපොරොත්තු නොවුන ලෙසින් එක වරම තිගැස්සිනි.එය දුටු ජොන්කුක් ඔහුට කටකොණින් මෙන් සිනාසී...


"මොකද පුදුම වුනාද මාව දැකලා?"

"මොකක්ද?ආ...නෑ...ඇයි මං පුදුම වෙන්නෙ?"

"ඒත් ඔයාගෙ මූණ දැක්කම නම් පේන්නෙ ඔයා ගොඩක් පුදුම වෙලා වගේ?මූණත් රතු වෙලා?මාව හරියට මතක් වෙන්නැති නේද?"

ටේහ්‍යුන් ජොන්කුක්ගෙ ඒ වදන් වලට ප්‍රතිචාර නොදක්වාම ඔහුව ගණන් නොගෙනම එතනින් අසුන් ගත්තා.ඉන් පසුව...

"ඇයි ඔයා මෙතන?"

"මේක ඔයාගෙ තැනක් නෙමෙයිනේ?ඒ නිසා මං මට ඕන තැන වාඩි වෙනවා."

Coffee🍁 [ᵖˡᵉᵃˢᵉ ˢᵗᵃʸ ʷⁱᵗʰ ᵐᵉ2]✔Where stories live. Discover now