ජොන්කුක් එදත් වෙනදා වෙලාවටම අර අවන්හලට ආවේ අර තරුණයා සිටීවි යැයි බළාපොරොත්තුවෙන්.වෙනදා මෙන් මිතුරන් සමග නොවී එදින ජොන්කුක් තනිව පැමිණි අතර,වෙනදා ඔහු අසුන් ගන්න තැන අද වෙනත් පිරිසක් සිටි බැවින් ජොන්කුක් වෙනත් මේසයක් අසලට ගොස් අසුන් ගත්හ.ඒ අවන්හලේ කෙළවරට ආසන්නයෙන් තිබූ තැනක් විය.ජොන්කුක් එදින කුමක් හෝ යමක් කීරීමට සිතාගෙන පැමිණියත් ඔහුගේ බළාපොරොත්තු සියල්ල සුන්වී ගියේ අවන්හලේ කෙළවර මේසය එදින හිස්ව තිබූ බැවින්ය.දිගු සුසුමක් හෙලූ ජොන්කුක්...
"එයා අද එන්නැද්ද?"
යැයි,තමන්ටම මුමුණ ගත්තා...ඔහු විනාඩි පහක්,දහයක් නෑ...විනාඩි විස්සක් විතර ඔහේ බලන් හිටියා.ඔහුවත් දැනන් හිටියෙ නෑ ඇයි ඔහු නමක් වත් නොදන්න පුද්ගලයෙක් එන තුරු මේ විදිහට බලන් ඉන්නෙ කියලා?ඒත් ඔහුගෙ සිත ඒ කෙනාව බළාපොරොත්තු වුනා.පැය බාගයක් විතර යන විට ජොන්කුක්ගෙ බළාපොරොත්තුව දල්වමින් ඒ තරුණයා අවන්හල වෙත පැමිණියා.නමුත් ඔහුගෙ හැසිරීම වෙනදා වගේ සන්සුන් එකක් වුන්නෑ.පෙර දින ඔහුව අවසානයටම දකින විට තිබූ නොසන්සුන්කාරී බව,ඔහුගේ වේගවත් චලනයන් සමග හොදින් පෙනුනා.සුපුරුදු තැනින් ගොස් ඔහු අසුන් ගත්තේ හරියට ඒ මේසය ඔහු වෙනුවෙන් හැමදාම වෙන් කරළා තියන එකක් වගේ.ජොන්කුක් එදින ඒ තරුණයාට අසල මේසයක් ගාව සිටියත්,ඒ තරුණයා තවම ජොන්කුක්ව දුටුවෙ නෑ.නැත්නම් දැකලත් තැකීමක් කරන්නැද්ද?
ජොන්කුක් සිතුවා ඔහු පැමිණි කාර්යයට මෙයයි හොදම වෙලාව කියා...එසේ සිතමින් ඔහු තමන් සිටි තැනින් නැගිට,අර තරුණයා වෙතට ගොස්,ඔහුගෙ ඉදිරියෙ තිබ්බ අසුනින් වාඩි වී මදක් උගුර පාදා ඒ තරුණයාගෙ අවධානය ගන්න උත්සාහ කළත්,මේ තරම් කාලෙකට කිසිවෙකුත් ඔහුව ගණන් නොගෙන ඉදලා නෑ...නමුත් මේ තරුණා එක තත්පරයකටවත්,ජොන්කුක් දෙස නම් බැලුවෙ නෑ.ඒ තරුණයා හිටියෙ තමන්ගෙ දුරකථනයට අවධානය දීගෙන කාත් එක්ක හෝ කළබලෙන් Text කරන ගමන්.මේ වෙලාවේ ජොන්කුක්ගෙ සිතුවිලි...
"එයාට තේරුන්නැද්ද මං මෙතන ඉන්නවා කියලා?මං අදෘශ්‍යමානද?මෙච්චර කාලෙකට මාව දැකපු කෙනෙක් මාව ගණන් නොගෙන නම් ඉදලා නෑ.මෙයා මාව දැක්කෙ නැද්ද ඇත්තටම?යාහ්...ජොන්කුක්?තමුසෙට මොකක්ද මේ වෙලා තියෙන්නෙ මේ කොල්ලෙක් ගැන මෙච්චර උනන්දු වෙන්න?"
YOU ARE READING
Coffee🍁 [ᵖˡᵉᵃˢᵉ ˢᵗᵃʸ ʷⁱᵗʰ ᵐᵉ2]✔
RandomWhat's urgent? We 'll talk while drinking coffee? -Jk- Sorry!... See you another day! -Tae- START DATE- 2021/09/14 END DATE - 2021/09/28 Don't Copy My Own Work🔴!