දිනක් සවස් වරුවේ යූන්මින් නිවසේදි ටේහ්‍යුන් සාලේ සෝෆාවෙ වාඩි වී පොතක් කියවමින් සිටි ජිමින් අසලට ගොස් ඔහුගෙ බෙල්ලත් බදාගෙන...
"පපා...?"
"ඕ...කියන්න ටේ...?"
"මට කම්මැළියි.අපි දෙන්නා එක්ක Movie එකක් බලමුද?"
"ටේ...ඔයා එක්ක Movie බලන්න මේ මං?හරි මොන ජාතියෙ එකක්ද?Horror බෑ..."
"අයියෝ...මොකක්ද පපා?ඔයා තාමත් බයයිද අනේ ඒවට?බලන්නකො ඔයාගෙ වයස?ඒත් පොඩි එකෙක් වගේ?"
"ආ...මන්ද බය?එදා අප්පා ඉන්න තැනම අපි තුන්දෙනා එක්ක හොල්මන් මගුලක් බලන්න ගිහිල්ලා ඔයා කෑගැහපු විදිහට අර මනුස්සයා ගිහින් වහලෙ හැප්පුන්නැති ටික විතරයි.මෙයා මගේ කරේ."
"අප්පා ඉතින් ෆිල්ම් එක ඈ බැලුවෙ?හොදට නිදාගෙනනෙ හිටියෙ.අනික පපා ඔයත් කෑගැහුවා?ඔයා නෙමෙයිද මගෙ බෙල්ලෙ මෙන්න මේ විදිහට එල්ලිලා හිටියෙ එතකොට?"
එහෙම කියලා ටේ,ජිමින්ගෙ බෙල්ල තව ටිකක් තදින් බදාගත්තම ජිමින්...
"ආව්ව්...ආව්ව්...ටේ ඔයා පපාගෙ බෙල්ල කඩන්නද යන්නෙ?"
"අයියෝ...ආදරේටනෙ අනේ."
"නාකි හුරතලේ එහාට වෙලා ඉන්නවා."
"මේ...පපා?අද අප්පා තාම නෑනේ?"
"අප්පට අද හවස් Meeting එකක් වැටුනා.ඒ නිසා අද එද්දි ටිකක් රෑ වෙයි."
"ම්ම්ම්..."
"ටේ...?මං ඔයාගෙන් දෙයක් අහන්නද?"
"මොකක්ද?"
"ඔයයි,අර පිරිමි ළමයයි අතර තාමත් ඒ සම්බන්ධෙ තියනවද?"
"ඔව් පපා."
ටේහ්‍යුන් බිම බලාගෙන,මදක් සංසුන් අයුරින් පැවසුවා.එදා ටේකුක් දෙදෙනා මුණගැසුනට පස්සෙ දැන් සති දෙකක් පමණ වනතුරුත් ඔවුන් මුණගැසුනේ නෑ.ඒත් නිතරම ඇමතුම්,වීඩියෝ ඇමතුම්,කෙටි පණිවිඩ වැනි දේ මගින් ඔවුන් නිතරම එකිනෙකා ගැන හොයලා,බැලුවා.ඇත්තටම ඔවුන් එසේ සිටීමට හේතුව ටේහ්‍යුන්,ජොන්කුක්ගෙන් ගත්ත පොරොන්දුවයි.මොකද ජොන්කුක් තම පියාට ඔවුන්ගෙ සම්බන්ධය ගැන කියා තිබුනත් ඔහු ජොන්කුක් හට කියූ දෙයක් නිසා තව දුරටත් ජොන්කුක්ට කාලය අවශ්‍ය වුනා.ඒ නිසාම ටේහ්‍යුන් තීරණේ කළා ජොන්කුක්ට අවශ්‍ය කාලයක් ගැනීමට ඉඩ දී ඔහුගෙ කාර්යයන් සාර්ථකව කරගන්නා තුරු දෙදෙනා මෙලෙස සිටීමට.මොකද ටේහ්‍යුන්ටත් ඕන වුනා ජොන්කුක් සාර්ථක කෙනෙක් වෙනවා දකින්න.එවිට කිසිදු ගැටලුවකින් තොරව ඔවුන්ට එක්විය හැකි බව ටේහ්‍යුන් හොදාකාරවම දැනන් හිටියා.මොනවා වුනත් ටේකුක් දෙදෙනා අතර තිබූ ආදරය මෙන්ම විශ්වාසයද ඉතාමත් ශක්තිමත් එකක් වුනා.ඒ නිසාම ඒ දෙදෙනා එකිනෙකා ගැන හොද විශ්වාසෙකින් සිටින නිසා කිසිම ගැටලුවක් ඇති වුන්නෑ.ටේහ්‍යුන් දැන් සිටින්නෙ තමන්ගෙ දෙමාපියන් සමගින් ඔවුන්ගෙ නිවසෙ.තමන් නැවතිලා සිටින නිවසේ තවදුරටත් තනියම සිටීමට අකමැති වුන නිසාත් ඔහුගෙ යෙහෙලියට නැවත එහි පැමිණීමට නොහැකි වන නිසාත්,ජොන්කුක්ව නිතර සිහිවන නිසාත්,ටේහ්‍යුන් තීරණේ කළා ටැනීත් සමග තම දෙමාපියන් සමග සිටීමට...
YOU ARE READING
Coffee🍁 [ᵖˡᵉᵃˢᵉ ˢᵗᵃʸ ʷⁱᵗʰ ᵐᵉ2]✔
RandomWhat's urgent? We 'll talk while drinking coffee? -Jk- Sorry!... See you another day! -Tae- START DATE- 2021/09/14 END DATE - 2021/09/28 Don't Copy My Own Work🔴!